Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර අභයවැව ගජබා ආශ්‍රමය

අනුරාධපුරයේ අභයවැව පිහිටි ගජබා ආශ්‍රමය පිළිබඳව සටහනකි මේ.

මෙම ආශ්‍රමය පූජා නගරයට කිලෝමීටර දෙකහමාරක් පමණ දුරින් පිහිටා තිබේ. මෙහි භාවනායෝගී හිමිවරුන් හතර නමක් වැඩ වාසය කරන අතර උන්වහන්සේලාට නිවැරැදි ත්‍රිපිටක අධ්‍යාපනයක් ලබා දෙති.

භාවනා මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබන එම ආශ්‍රමය තුළ පැවිදිවීමේ අභිලාෂයෙන් ගිහි පින්වතුන්ද රැකවරණය ලබති. මෙම ගජබා ආශ්‍රමයේ දැනට ගොඩනැගිලි කීපයක් ඉදි කිරීමට වැඩ කටයුතු පටන්ගෙන ඇති අතර ආගන්තුකව වැඩම කරන හිමිවරුන් උදෙසා විවේකීව සිටීමට එක් ගොඩනැගිල්ලක් ද ඉදිවෙමින් පවතින බව ද කියයි. දැනට ඉදිවෙමින් පවතින කුටි හතරක වැඩ නිම කිරීමට ද අපේක්‍ෂා කෙරේ.

මේ සියලු වැඩකටයුතු ඉතාම කැපවීමෙන් සිදු කරනු ලබන්නේ ශාස්ත්‍රපති හකුරුවෙල චන්ද්‍රාලෝක හිමියන්ය. උන්වහන්සේගේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම මත මේ ආශ්‍රමය දිනෙන් දින දියුණු වෙමින් පවතියි. ගජබා ආශ්‍රමයේ ඉදිකිරීම් සඳහා ඔබත් දායක වීමට කැමති නම් අනුරාධපුරය, සම්පත් බැංකුව, 102160997714, සිහල සවිය සමිතියට ඔබේ ආධාරය බැර කළ හැකිය .අභයවැව පෙදෙස, ගජබා ආශ්‍රමයේ විහාරාධිපති හකුරුවෙල චන්ද්‍රාලෝක හිමියන්ගේ දුරකතන අංක 0777070926 ය අමතා වැඩි විස්තර දැනගත හැකි බව ඒ හිමියෝ දන්වා සිටිති.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.