Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ ප්‍රතිමාව නිරාවරණය සහ අමරඤාණතිස්ස නා හිමිට සන්නස් පත්‍රය ප්‍රදානය

රදාවඩුන්න ශ්‍රී මහින්දාරාමයේ අභිනවයෙන් ඉදිකෙරුණු දහ අට රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පින්කමක් මේ මස 25 වැනි දිනට යෙදී ඇත. එයට සමගාමීව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චුලගන්ඨි පාර්ශවයේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියට පත් රදාවඩුන්නේ අමරඤාණතිස්ස නාහිමියන් වෙත ඒ පිළිබඳව සන්නස් පත්‍රය පිරිනැමීම ද එදින සිදු කෙරේ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගන්ඨි පාර්ශ්වයේ මහානායක අරමංගොඩ පඤ්ඤාතිලක නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.