Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කපිලවස්තු ධාතු ප්‍රදර්ශනය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මැතිතුමා වෙත කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනාව අගෝස්තු 19 වන දින ඇරඹිණි. ජනාධිපති කාර්යාලය, රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ දායකත්වයෙන් විහාරස්ථානවලදී (දිවා/රාත්‍රී) වන්දනා කිරීමට ඉදිරි දිනවල අවස්ථාව සලසා ඇත. ඒ අනුව අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරය, අගෝස්තු. 24, 25, 26, කන්තලේ අග්‍රබෝධි විහාරය අගෝස්තු. 27, 28, ගම්පොළ නාරංවිට සම්බුද්ධ ජයන්ති විහාරය අගෝස්තු. 29, 30, වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන අගෝස්තු. 31, සැප්තැම්බර්. 01, මාතර කොටිකාගොඩ රජමහා විහාරය සැප්තැම්බර්. 02, 03, 04 දින වලදී පැවැත්වේ. මානෙල්වත්ත විහාරයේදී හා පැල්මඩුල්ල රාජමහා විහාරයේදී පසුගිය දිනවල එම වන්දනාව පැවැත්විණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.