Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නා හිමි
ගුණානුස්මරණය දා


ඓතිහාසික බෙල්ලන්විල ඇසළ පෙරහර පූජෝත්සවයට සමගාමීව සිදුකරන බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නාහිමි ගුණානුස්මරණ පින්කම මෙවර මහියංගණ රාජමහා විහාරයේ දී සිදු කෙරුණි. එහිදී දඹානේ ආදිවාසී ජනතාව ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි ආහාර බෙදා දීම ද සිදු කරන ලදී. ආදිවාසියකු සඳහා බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් වියළි ආහාර බෙදා දුන් අයුරු මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියෝද දායක සභාවේ සාමාජික සාමාජිකාවෝද මෙහි වෙති.

මවු ගුණ සමරුවට නිවසක්

මුරුංගාගස්යායේ විතාරන්දෙණියේ ගෙදර විසූ අමරකෝන් දිසානායක පුංචිහාමි වීරක්කොඩි මාතාවගේ 10 වන ගුණානුස්මරණය නිමිත්තෙන් මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනම මගින් නිවසක් පසුගිය දින පරිත්‍යාග කරනු ලැබීය.
2011 ඔක්තෝම්බර් මාසයේ දී හදිසි අනතුරකින් මිය ගිය කුඩාගොඩ දඹේතලාවේ විසූ ජේ. පියරතන මහතාගේ වියොවින් අසරණ වූ බිරිඳට හා කුඩා දරුවන් සිවු දෙනාට මේ නිවස පරිත්‍යාග කළ අතර එම නව නිවසේ සංඝගත දක්‍ෂිණාවක් පිරිනමා වීරක්කොඩි මවුපිය දෙපළට සෝමා වීරක්කොඩි සොයුරියට රන්ජිත් වීරක්කොඩි රණවිරු පුතාට මෙන්ම ජේ. පියරතන මහතාට පින් අනුමෝදන් කළහ.
එම නිවස ඉදිකිරීමට මූලිකව ක්‍රියා කළ නාවික හමුදාවේ ඉංජිනේරු බළකායේ හිටපු නිලධාරී රණවීර වීරක්කොඩි මහතා ඇතුළු වීරක්කොඩි පවුලේ දූ දරුවන් හා ප්‍රදේශයේ ජනතාවද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.