Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

සංඝ නායක පදවි ලබති

වාද්දුව තල්පිටිය විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති පානදුර වෑකඩ බෞද්ධාලෝක විද්‍යාලයේ විදුහල්පති ශාස්ත්‍රපති හැඩිගල්ලේ වජිර හිමියන් වෙත ශ්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාම ශශ්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් ‘සද්ධර්ම කීර්ති පඤ්ඤාසාර’ යන ගෞරව නාමය සහිතව පස්යොදුන්රට උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය ඉකුත් දා කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී රාජකීය පණ්ඩිත සාහිත්‍ය ශූරී අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමලාභිධාන මහා නා හිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් සිදු කරන ලදී. එම සන්නස් පත්‍රය මහනායක හිමියන ප්‍රදානය කළ අවස්ථාව.
තල්පිටියේ ඩබ්.ඇම්. ඇන්.වී. විජේනායක වාද්දුව සංචාරක

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ වාර්ෂික වස් ආරාධනා කිරීමේ පින්කම නිකිණි පෝදා සිදු කැරුණු අතර එහිදී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන්ට වස් ආරාධනාව සිදු කළ අවස්ථාව. ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමියෝ ද මෙහි වෙති.
ඡායාරූප – චමින්ද නිරෝෂන

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.