Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ජර්මන් ධර්මදූත සංගමයේ 60 වැනි සංවත්සරයට පින්කම්

පුරා වසර 60 ක් මුළුල්ලේ ජර්මනියේ සහ යුරෝපා රටවල නිර්මල ථෙරවාද බුද්ධ ධර්මය ප්‍රචලිත කිරීමේ උදාර උතුම් ශාසනික මෙහෙවරක් සිදු කරමින් 1952 සැප්තැම්බර් 21 වන දින අසෝක වීරරත්න මැතිතුමා (පූජ්‍ය ධම්මනිසන්ති හිමි) විසින් ආරම්භ කරන ලද ජර්මන් ධර්මදූත සංගමය සිය 60 වෙනි සංවත්සර පුණ්‍ය උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2012 සැප්තැම්බර් 23 වන ඉරුදින කොළඹ 07, අංක 380, බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බී.එච්. විලියම් ශාලාවේ දී උදේ 09.00 සිට මෙම පුණ්‍ය උත්සවය පවත්වනු ලැබේ.

උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා 60 නමකට සපිරිකර සහිත මහා සාංඝික දානයක් පිරිනමා ඉන් අනතුරුව 60 වෙනි ගුණ සැමරුම ද පැවැත්වෙන බව එම සංගමයේ ලේකම් සේනක වීරරත්න මහතා දන්වා සිටියි.

බුද්ධ ශාසන ප්‍රතිපදාව ජාත්‍යන්තරය කරාගෙන යාමට ප්‍රමුඛත්වයක් දෙමින් එම සංගමය මේ ගත වූ වසර 60 මුළුල්ලේ සිදුකළ සේවාවන් අතර ජර්මනියේ බර්ලින් නුවර පිහිටි බර්ලින් විහාරය විසින් සිදුකළ ඒ අගනා ශාසනික සේවාව ගැන අභිමානවත් හැඟීමෙන් සතුටු විය හැක.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.