Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දඹුල්ල පන්නම්පිටිය – ගල්ලෙන වත්ත ආරණ්‍ය සේනාසනය

දඹුල්ල පන්නම්පිටිය පහලවැව පාර ගල්ලෙනවත්ත ආරණ්‍ය සේනාසනයේ දැනට පිණ්ඩපාත ශාලාවක්, භාවනා ශාලාවක්, දන් ශාලාවක්, බෝධි ඝරය සහ චෛත්‍යය කුටි ද ඉදිකිරීමට පටන් ගෙන ඇත.

පළාතේ ආගමික ස්ථාන කීපයකම මධ්‍යස්ථානයද මෙම ආරණ්‍යයයි. බොහෝ පිරිසක් දන් දීමටත් ගිහි නේවාසිකයන් භාවනාවටත් මේ ස්ථානයට නිරන්තරයෙන් පැමිණේ. ඓතිහාසික ගල්ලෙන් රැසකින් සමන්විත මෙම සෙනසුන මගින් විශාල ශාසනික සේවයක් ඉටුවන බව එහි ආරණ්‍ය සේනාසනාධිපති පන්නම්පිටියේ ජිනරතන හිමියෝ පවසති.

දැනට ඉදිවෙමින් පවතින චෛත්‍යරාජයාණන් වහන්සේ ඡායාරූපයේ දැක්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.