Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

පස්යාල නාඹුළුව ශ්‍රී මංගලාරාම විහාරවාසී මිහින්තලේ සූජීව හිමියෝ මහනුවර පේරාදෙණිය ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාම මහා විහාරය මුල් කරගනිමින් පැවැත්වුණ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 68 වැනි උපසම්පදා මහා විනය කර්මයේ දී උපසම්පදා භූමියට පත්වූහ.

මීරිගම මිණීඔළුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන්හි නියෝජ්‍ය පරිවෙනාධිපති නාඹුළුව ශ්‍රී මංගලාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පනාවල නාරද හිමියන් හා ශාස්ත්‍රපති පනාවල විනීත යන හිමිවරුන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නයක් වන මිහින්තලේ සුජීව හිමියන් මිණීඔළුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන්හි උසස් අධ්‍යාපනය ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය දහම් සරසවි ඩිප්ලෝමා අධ්‍යාපනය ලබන හිමිනමකි. නිකිණි පුර පසළොස්වක් පොහෝදින සවස 4.00 ට පස්යාල නගරයෙන් උපහාර මංගල පෙරහැරින් මිහින්තලේ සුජීව හිමියෝ වැඩම කරවා රාත්‍රී 7.00 ට මංගල ධර්ම දේශනය පැවැත්වීමට නියමිතය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.