Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමය

කිරිල්ලවල ශ්‍රී පුෂ්පාරාමයේ අභිනව ධර්මශාලාව සහ දහම්පාසල් ගොඩනැගිල්ලේ පහළ මාලය මහා සංඝරත්නයට පූජාකිරීමේ මහා පුණ්‍යමහෝත්සවය මෙම 29 වන දා සවස 4.00 ට විහාරස්ථ නව ධර්මශාලා ගොඩනැගිල්ලේ දී සිදු කෙරේ.

විහාරාධිපති ඕනෑගම නන්දරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ අවට විහාරස්ථානයන්හි මහා සංඝරත්නය ප්‍රමුඛ නිවාස ඉදිකිරීම් හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා, මහර ප්‍රාදේශීය සභාපති සහන් ප්‍රදීප් විතාන, උප සභාපති සුසන්ත වන්නිආරච්චි මහත්වරු ද, මහර ප්‍රාදේශීය ලේකම් තමරා ඩී පෙරේරා මහත්මියද ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.