Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත් දින භාවනා පුහුණු වැඩසටහනක් ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේ දී

රුහුණේ ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරස්ථානයේදී සත් දින භාවනා වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබේ. එහි මුල් වැඩසටහන අගෝස්තු මාසයේ දෙවැනි සතියේ දී ආරම්භ වන බව සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ පවසති.

සීමිත සංඛ්‍යාවක් බඳවා ගනු ලබන අතර ඊට ඉල්ලුම් කළ හැකි බවත් අවශ්‍ය ආහාර පාන හා නේවාසික පහසුකම් නොමිලේ සලසන බව ද නාහිමියෝ පවසති. සම්පූර්ණ නම්, ලිපිනය, හැඳුනුම්පත් අංකය, තරාතිරම - ශිෂ්‍ය/ගුරු/නිලධාරි/උපාසක/උපාසිකා, දුරකථන අංකය - සටහන් කර පහත ලිපිනයට ඉල්ලුම්පත් යොමු කරන ලෙස දන්වයි.

විහාරාධිපති නාහිමි සිතුල්පව්ව රාජමහා විහාරස්ථානය, රණකෙළිය, තිස්සමහාරාමය, ලිපිනය වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.