UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ අගනුවර බෞද්ධ සංගම් එකමුතුව මෙහෙයවීමෙන් වාර්ෂිකව පවත්වනු ලබන පිණ්ඩපාත දානමය පින්කම කොළඹ කොටුව රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අතර ලේක්හවුස් ආයතනයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය හා බෞද්ධ සංගමය එක්ව වැඩම කළ මහ සඟරුවනට දානය පූජා කළ අවස්ථාව. - ඡායාරූපය: නිශ්ශංක විජේරත්න


ධර්මවිජය පදනමේ අනුශාසක සහ නිර්මාතෘ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානා හිමියන්ගේ නාමයට උපහාර වශයෙන් ධර්මවිජය පදනමේ අනුග්‍රහයෙන් වාර්ෂිකව සිදු කෙරෙන ත්‍යාග ප්‍රදානය කොළඹ 7 ධර්ම විජය පදනමේ දී උත්සවය හයවන වරටත් සිදු කෙරිණි. දිස්ත්‍රික්ක 18 කින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 45 දෙනෙකු ඊට සුදුසුකම් ලබා තිබිණි. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ අනුනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. විශේෂ ආරාධිතයින් ලෙස සහභාගි වූ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සිසුවියකට සහතිකපත් ප්‍රදානය කළ අයුරු ඉහළ ඡායාරූපයේ දැක්වේ. ඊට සහභාගි වූ පිරිසෙන් කොටසක් පහළ ඡායාරූපයේ.

 
 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 10 වනදා අඟහරුවාදා අපරභාග 6.29 ට ලබයි.
ජූලි 11 වනදා බදාදා අපරභාග 08.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ජූලි 11 වනදා බදාදාය.

මීළඟ පෝය
 ජූලි 18 වනදා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 11

New Moonඅමාවක

ජූලි 18

First Quarterපුර අටවක

ජූලි 26

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]