Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම 14 වන දා

අතුරුගිරිය අභයපුර අභයදර්ශනාරාමයේ අභිනව දහම් පාසල් තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවය මෙම මස 14 වන දා සිදු කැරේ. අඹේවීර දම්පතින් ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ වියදමින් රුපියල් කෝටි 2 1/2 කට ආසන්න වියදමක් දරා ඉදිකරන ලද මෙම තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සමගාමීව පින්කම් මාලාවක් අභයදර්ශනාරාමයේ දී පැවැත්වේ. ජූලි 14 දා තෙසැත්තෑ ඤාණ පූජාව හා තුන්තිස් පැයේ පිරිත් දේශනාවද 15 දින උදෑසන හා දවල් මහා සංඝගත දක්‍ෂිණාවක්ද, 16 දින සත්බුදු වන්දනාව හා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ද, 17 දින රාත්‍රී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ධර්ම දේශනාවක්ද පැවැත්වීමට නියමිතය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.