Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම පෙරහර

රුහුණු කතරගම මහාදේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර සඳහා කප්සිටුවීම පෞරාණික චාරිත්‍රානුකූලව ජූනි මස 05 දින මහාදේවාලයේ මිණිබැඳි මණ්ඩපයේ දී කපු මහත්වරුන් විසින් පුද සිරිත් පවත්වා සිදුකරන ලදී. මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාද සහභාගි විය.

කප්සිටුවීම අනුව මේ වර්ෂයේ ඇසළ මහා පෙරහර ජූලි මස 19 දින ඇරඹෙයි. ජූලි මස 29 දින ගිනිපෑගීම සිදු කෙරේ. අගෝස්තු මස 01 දින අවසාන මහා පෙරහර පැවැත්වෙන අතර අගෝස්තු මස 02 දින මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර කටයුතු අවසන් වෙයි. ඊ.එච්. සෝමපාල, කතරගම විශේෂ


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.