Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

පැවිදි කිරීමක්
ගම්පහ කෙහෙල්බද්දර ශ්‍රී බෝධිදෘමාරාම පොත්ගුල් විහාරාධිපති මානිංගමුවේ ධම්මජෝති හිමියන්ගේ උපදේශකත්වයෙන් දරුවන් දෙදෙනෙක් සසුන් ගත කළහ. මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේගම මානිංගමුවේ පදිංචි අයි. ඒ. ඉන්දික තුෂාර රත්නායක සහ ඩබ්. පී. උදුලාවතී යන දෙපලගේ වැඩිමල් පුත් අයි. ඒ. අවිෂ්ක දිල්හාන් යන දරුවා මානිංගමුවේ සද්ධාජෝති යන නාමයෙන් ද රාගම පදිංචි ජී. සමන් ප්‍රියංකර සහ රොෂානි චන්දිමා යන දෙපලගේ දෙවැනි පුත් අශේන් පුලතිසි යන දරුවා රාගම පඤ්ඤාජෝති යන නාමයෙන් සසුන් ගත කළ අවස්ථාව. - බර්ටි ලයනල් උඩුගම්පොළ

පිණ්ඩපාත දානමය පින්කමක්

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පිණ්ඩපාත දානමය පින්කමක් පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා විසින් භික්ෂූන් වහන්සේලාට පිරිකර පූජා කරන අයුරු.
- ගම්පහ මධ්‍යම සමූහ, පී. ඒ. ඔලිවර් පෙරේරා

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.