UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් අමාවක 2012 ජුනි 19 වනදා

බොදු උරුමය

වෙසක් පුන් පොහෝදා ගෞතම මහ බෝසතාණන් වහන්සේ අසිරිමත් සම්මා සම්බුද්ධත්වයට පත්වූ සේක. එතැන් පටන් සත් සති ගෙවීමෙන් අනතුරුව ලෝකානුකම්පාවෙන් සසර කතරේ අනන්ත දුක් සයුරේ ගිලී සිටි අපමණ සත්වයන් වෙනුවෙන් මහ කරුණාවෙන්, මහ ප්‍රඥාවෙන්ම පිහිට වූහ.

බරණැස ඉසිපතනයේ මිගදායේදී දෙසූ පළමු දම් දෙසුමේ පටන් පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි සම්මා සම්බුදුපියාණන් වහන්සේ දෙසූ සදහම් අමා සුව විඳින්නට වාසනා ගුණයෙන් පිරි අප්‍රමාණ සැදැහැතියන් නිවන් මග පසක් කර ගත්හ.

පළමු මහ රහතන් වහන්සේලා හැට නමගෙන් ඇරැඹි ව්‍යාප්ත වූ සම්බුදු සසුන මහරහතන් වහන්සේලාගෙන් ශෝභාමත් වී ගණනින් හා ගුණයෙන් අපමණ පූජනීය මහ සඟරුවන බුදුරජාණන් වහන්සේගේ ඔවදනට අනුවම සඳහම් මග දේශනා කරමින් ලෝ වැසියා වෙත ද පිහිටවූහ.

අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්මදූත පිරිස සිරිලකට වැඩමවා මෙරට රජතුමා ප්‍රමුඛ රාජකීයයන් වෙත සදහම් දෙසූහ.

ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍ර‍්‍රවණයෙන් ප්‍රසාදයට පත් මෙරට වැසියා බුදුසව්වන් බවට පත්ව සිරිලක සම්බුදු සසුනේ ව්‍යාප්තියට අපමණ මහ මෙහෙවරක් සිදු කළහ.

ඒ නිසාම ගල් ගුහා, ලෙන් මහ රහතන් වහන්සේ වැඩ විසූ කුටි බවට පත්විය. දහස් ගණන් මහ සඟරුවනට සිව්පසය පූජාකිරීම නිසාම මහා විහාර ඉදි වූහ.

අනුරාධපුර මහා විහාරයෙන් ඇරැඹුණු මෙරට විහාරාරාම ක්‍රම ක්‍රමයෙන් රට පුරා ව්‍යාප්ත වී යාම ඉතා ඉක්මනින්ම සිදු විය.

ඉකුත් 12 වැනිදා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරිමහා විහාර මූලස්ථානය ස්ථාපිත කොට සත් සිය වසරක් පිරිම නිමිත්තෙන් මහනුවරදී පැවැති රාජ්‍ය උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන පූජනීය මහ සගරුවනෙහි සහභාගිත්වයෙන් එම උත්සවය සිදු කැරිණි.

එහිදී ජනාධිපතිතුමා කළ දෙසුමේ කොටසක් මෙසේ ගෙන හැර දක්වමු “ලෝකයට ආගමික සමගිය සඳහා මඟ පෙන්විය හැකි ආදර්ශවත් සඟ පරපුරක් මෙරට සිටින” බව ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

“බෞද්ධ දර්ශනය තුළ මූලධර්මවාදයට හෝ අන්තවාදයට කිසිදු ඉඩක් නොමැති බවත්, එම පදනම මත ගොඩනැගෙන පිරිස් බලය හෝ අන් දෙයක් සඳහා පාවාදීම හෝ උදුරා ගැනීම් කිසිවිටෙක සිදු නොකරන බවත්” ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

අතීතයේ සිට මහා සංඝරත්නය පරිත්‍යාගශීලි කටයුතු කරමින් මේ දර්ශනය බෞද්ධයින්ගේ ලේ මස්, ඇට නහරවලට කාවද්දා ඇති බවද “ ඒ මහතා කීය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ පටන් මෙරට මහා සංඝරත්නය මෙරට සියලු රාජ්‍ය පාලකයන්ට යහ පාලනයක් සඳහා මග පෙන්වූ බවත්, එය රටේත් ජාතියේත් ඉදිරි ගමනට මහා ශක්තියක් වූ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

මෙරට ජනතාව සුමගට ගෙන අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුරට නිවැරදි මග පෙන්වා ඔවුන් ධර්මානුකූල ජීවිතයක් වෙත යොමු කිරීමේ බාරදූර වගකීම් මහා සංඝ රත්නයෙන් අපේක්‍ෂා කරන බව හෙතෙම කීය යනුවෙන් “දිනමිණ” පුවත්පත වාර්තා කර තිබිණි.

අපේ ඵෙතිහාසික බොදු උරුමය පෝෂණය කරමින් එය ආරක්‍ෂා කර මතු පරපුරටද දායාද කර දීම සඳහා ගිහි පැවිදි උභය පාර්ශ්වයේම සහාය ලැබීම සැබවින්ම අගය කළ යුතු සත්ක්‍රියාවකි. එය හෙළ දැයේ වාසනාවකි.

 

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජුනි 18 සදුදා අපරභාග 06.33 න් ලබයි.
19 වැනිදා අඟහරුවාදා අපරභාග 08. 31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 19 වැනිදා අඟහරුවාදාය

මීළඟ පෝය
ජුනි 27 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27

Full Moonපසෙලාස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 11

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]