Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇහැලියගොඩ මාහර පුරාණ විහාරය


ඉපැරණි බුදු පිලිම වහන්සේ

සබරගමු පළාතේ පිහිටි රමණීය වූත්, අදෘශ්‍යමාන අනුහස් සහිත වූ ත් පුදබිම් අතර, ඇහැලියගොඩ මාහර පුරාණ විහාරයට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. මෙහි විහාරාධිපතිත්වය උසුලන කුරුවිට කෝරළේ අධිකරණ සංඝනායක අස්ගඟුලේ විමලරතන හිමිපාණන් පුරා වසර 40 ක් තිස්සේ එකම දිනයකද අත් නොහැර පවත්වාගෙන එන බෝධිපූජා පින්කම නිසා ද සබරගමු පළාතේ පමණක් නොව ඉන් පිටත ප්‍රදේශවල පවා එම විහාරස්ථානයට සුවිශේෂී ප්‍රසිද්ධියක් ලැබී ඇත.


චෛත්‍යය

මාහර, අස්ගඟුල මැදිකැලේ වියලගොඩ සහ පොල්වත්ත යන පංච මහා විහාරස්ථානවල විහාරාධිපතිත්වය උසුලන විමලරතන හිමියන්ගේ අප්‍රතිහත ධෛර්ය ඇප කැපවීම සහ කරුණා ගුණය තුළින් විහාර අංගයන් දිනෙන් දිනම පොදු දන ආකර්ශනයට ලක් වේ.

බෝධින් වහන්සේ වටා බබළන රන්වැට ලක්ෂ දහයක පමණ බර පැන මත ඉදි කැරුණු සහ ඊට නුදුරින් විශේෂ කුටියක රුපියල් ලක්ෂ 30 ක පමණ වියදමකින් ඉදි කැරුණු ‘අනිමිසලෝචන පූජාව’ විදහා දැක්වෙන අඩි 18 ක් පමණ උසැති බුද්ධ ප්‍රතිමා වහන්සේ නිසා මෙම පුද බිමට මහත් වූ ආශිර්වාදයන් ලැබී ඇති සෙයකි. එම විහාර මන්දිරයෙහි ඇති අගනා චිත්‍ර කර්මාන්තය වසර 400 ක් පමණ ඉපැරණිය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් එක් වරක් සංරක්‍ෂණය කැර ඇත.

විහාර අංගණය කොටස් දෙකකින් යුක්තය. ඒ පහත මළුව සහ උඩමළුව වශයෙනි. උඩ මළුවට පිවිසීම සඳහා පියගැට පෙළ දෙකකි.ප්‍රදේශයේ දරු දැරියනට දහම් දැනුම ගෙනෙන ” ශ්‍රී‍්‍ර සෝමරතන දහම් පාසල” ශ්‍රී රාහුල පෙර පාසල මෙන්ම දායක සභාවත් කුළඟන සමිතියත් එම විහාරස්ථානය මගින් සිදුවන සේවයේ අගය කියා පායි.දෛනිකව පැවැත්වෙන බෝධි පූජාවෙන් සෙත ශාන්තිය සුවය ළඟා කැරගත් පිරිස් දස දහස් ගණනකි.දැනට බෝධිපූජා වාර 15,000 ද ඉක්මවා පවත්වා ඇති අතර, ඒ සඳහා වරින්වර ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීහු ද , හමුදා නිලධාරිහු සහ විද්වත්තු ද සහභාගි වෙති.

මේ හැම බෝධි පූජාවක්ම අවසානයේදී රජයට රටට, දැයට, ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට සෙත් පැතීමට ද විමලරතන නා හිමියෝ කිසිදාක අමතක නොකරති.

 


අනිමිසලෝචන පූජාව දැක්වෙන බුද්ධ ප්‍රතිමාව


පංච මහා විහාරාධිපති අස්ගඟුලේ විමලරතන නා හිමි

 

 

 

 

 

 

 

 

 


විමලරතන හිමියන් විශේෂ බෝධි පූජාව අරඹමින්

බෝධින් වහන්සේ

ඉපැරැණි බිතු සිතුවමක්

 

 

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.