Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

වත්තල, එඬේරමුල්ල පින්නමැද පදිංචි ස්ටැන්ලි ෆොන්සේකා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් හැකි ඉක්මනින් “ඒ නෙගටිව් හෝ බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇත. එක් දරු පියෙක් වන ස්ටැන්ලි ෆොන්සේකා මහතාගේ ජීවිතය රැක ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අය වෙතොත් 2945497 හෝ 077 2295333 යන දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


මාරවිල, මූදුකටුවේ පදිංචි, 58 හැවිරිදි කොලස්ටිකා මජිනි ප්‍රනාන්දු මාතාවට “ඒ හෝ ඕ වර්ගයේ” වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් පහත දුරකථන අංකයන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි. 077 2695209, 0777 036213


අම්පාර, කොක්නහර, 30/ඒ/216 නිවසේ ස්ථිර පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු තිස්හත් හැවිරිදි එක්දරු පියෙකු වන යූ.එම්.ජී.එම් පත්මසිරි මහතාගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇති බවත්, ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි ඉක්මනින් “ඕ පොසිටිව්” ලේ වර්ගයේ එක් වකුගඩුවක් හෝ බද්ධ කළ යුතු බව කොළඹ මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීම් ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුර හේවාගීගන මහතා නිර්දේශ කර ඇත. එම නිසා ඕ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට පරිත්‍යාගශීලියෙකු වේ නම් දන්වා සිටින ලෙස ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක – 071 8027361, 071 8961159


පිළියන්දල, මාම්පේ පන්සල් පොකුණ පාරේ අංක 296/1, ඊ නිවසේ පදිංචි සමන් කුමාර අබේකෝන් මහතා දරුණු පිළිකා රෝගයකට ගොදුරුව සිටියි.

හතළිස් දෙවැනි වියේ පසුවන ඔහු දෙදරු පියෙකි. දැඩි රෝගී තත්ත්වය හමුවේ ඔහුට කිසිදු රැකියාවක් කිරීමට නොහැකි වීමෙන් ඔහුගේ ප්‍රතිකාරවලට යන අධික වියදම පවා සොයා ගැනීමට නොහැකිව දැඩි ආර්ථික අර්බුදයකට මැදිව අන්ත අසරණ භාවයකට පත්ව ඇත.

මේ නිසා ධන පරිත්‍යාග ශීලීන්ගේ උපකාරය ඔහු අපේක්‍ෂා කරයි. ඒ සඳහා මහජන බැංකුවේ පිළියන්දල ශාඛාවේ පොල්වත්තේ ගෙදර ගීතා දමයන්ති (බිරිය) නමින් ඇති 103200100010655 දරන ගිණුමට ඔබේ මුදල් ආධාර බැර කරන ලෙස ඉල්ලා සිටියි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.