UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝ‍ත්සවය 62 වන වරටත්

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය මගින් 62 වන වරට පවත්වන ඇසළ මහා පෙරහරෙහි මූලික කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ඇසළ පෙරහර කමිටුවේ ලේකම් දෙහිවල, ගල්කිස්ස නියෝජ්‍ය නගරාධිපති කේසරලාල් ගුණසේකර මහතා විසින් ඉකුත් 20 වන ඉරු දින සවස 4.00 ට විහාරස්ථ ධර්ම ශාලාවේ දී පැවැත්විණි.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මූලාසනය හෙබවූ එම රැස්වීමට කම්කරු හා මිනිස් බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහ කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමා, කැස්බෑව ප්‍රාදේශීය ලේකම්තුමා, දෙහිවල, ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිතුමා, බොරලැස්ගමුව නගර සභාවේ සභාපතිතුමා, නුගේගොඩ ඡ්‍යොෂ්ඨ පොලිස් අධිකාරිතුමා ඇතුළු විශාල ප්‍රභූ පිරිසක් හා ගම්වාසීහු සහභාගී වූහ.

ඇසළ මහා පුණ්‍යෙීත්සවය හා සම්බන්ධ දින වකවානු මෙදින ප්‍රකාශයට පත්කළ අතර එය පහත දැක්වේ.

අගෝස්තු. 16 සිට 18 දක්වා ධර්ම දේශනා මාලාව ද, අගෝ. 19 සති පිරිත ආරම්භ කිරීම ද, 25 කුඹල් පෙරහර, දේවදූත පෙරහර හා දොරකඩ අස්න අනුශාසනාව සිදු කිරීමද, 26 සිට 29 මල් පෙරහර ද, 30 පාවාඩ පෙරහරද, 31 රන්සිවිලි පෙරහර ද, සැපතැම්බර්. 01 රන්දෝලි පෙරහරද, 02 දියකපන පෙරහර හා දේව දානය හා ගරා යක් ශාන්ති කර්මය ද පැවැත්වේ.

තෙරුවනට කරන පූජාවක් වශයෙන් සිදු කරන මෙම ඇසළ පුණ්‍යෝත්සවය වඩාත් අලංකාරවත් ලෙස මෙවරද සිදු කිරීමට තීරණය කැරිණි.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]