UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පොසොන් පෝදා පින්කම්

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය

මහාවිහාර පොසොන් පුන් පොහොය වැඩසටහන මෙසේය.

පොසොන් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසුදින පෙරවරු 6 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී පැවැත්වේ.

හෝමාගම උසාවිය පාරේ අංක 85/3 හි සදහම් සෙවණෙහි නවතම ප්‍රකාශනය ‘දුක දුරු කරන දහම’ ද මෙහි දී එළිදැක්වෙයි. ධර්ම දානයක් වශයෙන් නොමිළයේ බෙදාදෙන ‘දුක දුරු කරන දහම’ දහම් පොත රෝහිත විජයතිලක මහතාගේ සම්පාදනයකි.

පොසොන් පුර පෝ දින පෙරවරු 8.00 ට මහාවිහාර සන්නිපාත ශාලාවේදී එම දහම් පොත එහි සම්පාදක රෝහිත විජයතිලක මහතා විසින් මහාවිහාර සංඝ සභාවේ ගරු සභාපති අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් වෙත පිළිගැන්වීමට නියමිතය.

අනතුරුව අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනය පැවැත්වේ. මෙම පොසොන් පුන් පොහොය වැඩසටහන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජාද ඇතුළත් වේ.

පුන් පොහොය වැඩසටහනට සහභාගි වී පෙහෙවස් සමාදන් වන පින්වතුනට උපෝසථ ශීලය රැකීමට අවශ්‍ය දානමානාදි පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානය සපයනු ලැබේ.

මේ මස 5 වැනිදා අනුරාධපුර ජය ශ්‍රී‍්‍රමහ බෝධි විහාරස්ථානයේදී භාවනා වැඩසටහනක් පැවැත්වේ. අනුරාධපුර ජය ශ්‍රී‍්‍ර මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේදී එදින පෙරවරු 8.00 සිට 10.00 තෙක් පැවැත්වෙන අතර භාවනාව මෙහෙයවන්නේ රෝහිත විජයතිලක මහතා විසිනි.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී පොසාන් පෝදා දවසපුරා පින්කම් රැසක් ඌව විශ්ව විද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරේ.

එදින උදෑසන උපාසික උපාසිකාවන් අටසිල් සමාදන්කරවීම මල්පහන් ගිලන්පස කිරි ආහාර පූජාව ශබ්ද පූජාව මධ්‍යයේ ෂඩ් වර්ණ සාටකයක් කිරිවෙහෙර චෛත්‍යය වටා පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍ය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව ඌව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කිරිවෙහෙර රාජමහා විහාරවාසී පොළොන්මාරුවේ වාචිස්සර හිමියන් විසින් අටවිසි බෝ මලුවේදී පැවැත්වේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ සිසිල්බීම දන්සල කිරිවෙහෙර ප්‍රධාන වාසල් දොරටුව ඉදිරිපිට දවසපුරා පැවැත්වේ.

සවස කිරිවෙහෙර රාජමහා විහාරස්ථාන මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන්වහන්සේ වෙතට ගොස් මල්පහන් පූජාකර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නෑවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීමි අෂ්ඨඵලබෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීමද සිදුකෙරේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් මල්පහන් ගිලන්පල පූජාකර බෝධිපූජාව පැවැත්වේ.

කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් දස දහසකට ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්වේ.

කළුතර නීලගිරි මෝටරස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය ශ්‍රී ආනන්ද රේවත දහම් පාසල හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ පෝදා සීල වැඩසටහන මෙසේය.

පෙරවරු 6 – 6.30 දක්වා උපෝසථ සීලය හා කෙටි අනුශාසනාව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය විහාරාධිකාරි ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 7.- 730 දක්වා සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරි මහින්ද නාහිමි, 8 - 9 භාවනා වැඩසටහන රජවත්තේ වප්ප හිමි, 9.15 –10.15 දක්වා ධර්ම දේශනය 10.30 – 11.00 දක්වා අටවිසි ආහාර සම්බුද්ධ බුද්ධ පූජාව තල්ල්ලේ සිරි මහින්ද නාහිමි, 12.15 – 12.30 සෙත් පිරිත් සජ්ඣායනාව 2.15 – 3.00 භාවනා වැඩසටහන තල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්ම දේශනය නුගේගොඩ පුන්න හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය විනයාලංකාරාමාධිකාරි ඔකදගල මෙත්තාරාම හිමි, 6.45 – 7.45 මල් පහන් ගිලන්පස සහිත අටවිසි සම්බුද්ධ පූජාව.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි, 8.00 – 9.00 භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව ඉඟුරුවත්තේ ධම්මගවේසි හිමි, 10.00- 11.15 පූජාව පරෝපකාර සංග්‍රහය හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ කුමාරතැන්නේ චන්දානන්ද හිමි, 1.00 – 2.00 ධර්ම දේශනාව - කහගොල්ලේ සෝමවංශ හිමි, 2.00 – 3.00 දේශනාව - මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිස්චන්ද්‍ර මහතා , 3.00 – 4.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 4.15 – 5.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 5.00 – 6.30 බෝධි පූජාව - ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00- 7.00 සිල් සමාදන් කරවීම හ බුද්ධ පූජාව පැවැත්වීම, ඇමරිකාවේ හවායිහි පියැං බැංකොක් විහාරාධිකාරි විනයාචාර්ය හිඟුරක්ගොඩ විභාවි හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කොටපිටියේ රාහුල නා හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව - පියදාස මුතුගම මහතා, පස්වරු 12.30- 1.00 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ ධම්මරතන හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 3.00 - 3.30 විශේෂ අනුශාසනාව - රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඤාණරතන මහ නා හිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව - සිංහල විශ්ව කෝෂයේ කර්තෘ මෙත්තාරාමවාසී දර්ශනපති උස්ගොඩ ධම්මගරු හිමි, 5.00 – 6.00 ධම්මපදය - ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලිපාර සංඝමිත්තාරාමයේ පොසොන් පුන් පොහෝ දින වැඩසටහන මෙසේය.

5.30 විශේෂයෙන් සැකසූ ක්ෂීරපායාස අටවිසි බුද්ධ පූජාවක්. පෙරවරු 8.00 සිට 9.00 මහරගම සිරි වජිරඥාණ ධර්මායතනවාසී කනංකේ ධම්මික හිමි, 9.15 සිට 10.15 දක්වා දෙවිපහල දේවමිත්ත හිමි, 10.15 සිට 11.00 දක්වා ඕපනායක නිරාශා දසසිල් මෑණියන් වහන්සේ මෙහෙයවන භාවනා වැඩසටහන, පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ක්‍ධායනය, 1.00 සිට 4.30 දක්වා පිළියන්දල සංඛපාලි දසසිල් මෑණියන් වහන්සේ පවත්වන ධර්ම දේශනාව සහ භාවනා වැඩසටහන.


කෑගල්ල තරුණ බෞද්ධ සංගමය

කෑගල්ල තරුණ බෞද්ධ සංගමය මෙහෙයවන පොසොන් පෝදා සීල භාවනා වැඩසටහන.

පෙරවරු 6.45 සිට 7.00 බුද්ධ වන්දනා හා සැදැහැ ගාථා මෙහෙයවීම බී.එම්. එස්. බී. බස්නායක මහතා, 7.00 – 7.45 අටසිල් සමාදන්කරවීම සහ අනුශාසනාව අස්මඩලේ ධම්මරතන හිමි, 8.45 –9.30 භාවනාව ‘බොදු දිවියට සැනසිලි මග 1 - ශාස්ත්‍රවේදී සමරවර්ධන නිශ්ශංක මහතා, 10.00 – 11.30 බොදු දිවියට සැනසිලි මග 2, ධර්මනුශාසනය – සාකච්ඡාව ශාස්ත්‍රවේදී සාමනිවිසුරු ධර්මවේදී එස්.එම්. කේ. සිරිවර්ධන මහතා පස්වරු 12.30 – 1.30 ධර්ම උපදේශනය ඇම්. ආර්. මද්දුම බණ්ඩාර මයා, 1.00 – 2.00 සීල ආවර්ජනය බී.එම්.එස්.බී. බස්නායක මයා, 2.00 – 3.15 බොදු දිවියට සැනසිලි මග - ධර්ම දේශනය කවුඩුපැලැල්ලේ ඉන්ද්‍රජෝති හිමි, 4.00 – 5.00 ජාතක කථාව ආශි‍්‍රත ධර්ම දේශනව ශාස්ත්‍රවේදී පන්නල ආනන්ද හිමි.


බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ පොසොන් පොහොය සීල සමාදාන වැඩසටහන මෙසේය. පස්වරු 6.00 උපෝසථ ශීීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මාදුමඩලේ විමල හිමියන්, 6.30 ට සම්බුද්ධ පූජාව 8.15 භාවනාව- ආටිගල අමිතදේව හිමි, 9.45 බුදුසරණ පුවත්පත නොමිලේ බෙදාදීම නිලංක හා අසිත දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත තිස්සමහරාමයේ නන්දවිමල හිමි, පස්වරු 1.30 ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දෙනගම සුධම්ම හිමි, 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේ දී මණ්ඩාවල ප්‍රඥාවංස හිමි, 4.30 ධර්ම දේශනාව ශාස්ත්‍රපති වෙරළුගොල්ලේ උදයනන්ද හිමි, 6.00 සීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව බෝලනේ අතුල හිමි.


හොරේතුඩුව

මොරටුව හොරේතුඩුව, පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරයේ ශීල සමාදාන වැඩසටහන

පෙරවරු 6ට සිල් සමාදන් කරවීම සහ බුද්ධ වන්දනා - වැලිගම අනුරුද්ධ හිමි, 8 ට ධර්ම දේශනාව – පලාතොට අමිතානන්දි මෙහෙණින් වහන්සේ, 9 ට අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනි ධර්ම දේශනාව, 10. ට භාවනා වැඩසටහන - මහියංගනයේ විශාකා ධම්මශීලා මෙහෙණින් වහන්සේ, 1 ට සාමුහික පිරිත් දේශනාව, 2. ට ධර්ම සාකච්ඡාව - අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා සහ ආචාරිනී නාවලගේ හිරෝෂනී සෞම්‍යා පෙරේරා මෙනවිය. 5.05 ට භාවනා වැඩසටහන කෝලිත හෙට්ටිගේ මහතා 5 ට ධර්ම දේශනාව අපරැක්කේ දීපානන්ද හිමි.


පොත්ගුල් මහා විහාරය

මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් මහාවිහාරයේ පොසොන් පින්කම් වැඩසටහන මෙසේය.

පෙරවරු 6.30 ට ශීල සමාදානය, ධර්මානුශාසනය, බුද්ධ පූජාව, බුද්ධ වන්දනාව, මෛත්‍රී භාවනාව, විහාරාධිපති ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමි, 8.30 ධර්ම දේශනාව මඩවල පුණ්‍යජි හිමි, 9.45 භාවනා - දිවුලන්කඩවල සීලානන්ද හිමි, පස්වරු- 12.30 මහ පිරිත් දේශනය, මොන්ගෝලියන් ජාතික සුජාත හිමියන් ප්‍රධාන හිමිවරු, 1.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත දූල්වල රතනසාර හිමි, 2.30 ධර්ම දේශනාව සිරි සීවලි හිමි, 3.30 කාව්‍යමය ධර්ම දේශනාව ඇඹිලිපිටියේ අසිත හිමි, 5.00 ධර්ම දේශනය දිවුලන්කඩවල සීලානන්ද හිමි, 7.00 මහා බෝ වන්දනාව සහ බෝධි පූජාව.


ඉසිපතනාරාම මහා විහාරය

හැව්ලොක්ටවුන්හි ඉසිපතනාරාම මහා විහාරයේ පොහෝදා වැඩසටහන. පෙරවරු 6.0 ට අටසිල් සමාදන් කරවීම, 6.30 ට සම්බුද්ධ පූජාව සහ බුද්ධ වන්දනාව, 8.00 – 9.00 ධර්ම දේශනාව - පස්ගොඩ සුමිත්ත හිමි, 9.00 – 10.00 භාවනාව - කණුමුල්දෙනියේ සුමංගල හිමි, 10.00 ට ජාතක පොත් දේශනාව - කිහිඹියේ විජිත හිමි, පස්වරු 1.00 ට සාමුහික පිරිත් දේශනාව - විනීත හිමි, 2.00 – 3.00 ධර්ම දේ්ශනාව - නරවැල්පිට අරියරතන හිමි, 3.00 සිට බණ පොත් කියවීම, 4.00 – 5.00 ධර්ම දේශනාව - කිරිඔරුවේ ගුණානන්ද හිමි, 6.30 ට සත්සති බුද්ධ පූජාව - සියලුම හිමිවරුන් විසින්.


කැලණිය තරුණ බෞද්ධ සමිතිය

කැලණිය තරුණ බෞද්ධ සමිතිය මෙහෙයවනු ලබන පෝදා වැඩසටහන මෙසේය.

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම – ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව, 8.15 – භාවනා වැඩසටහන , 9.15 ධර්ම දේශනාව,පස්වරු 1.00 ධර්ම දේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය.


අලුකැටියවත්ත ශ්‍රී කුසලවර්ධනාරාමය

කිරිඇල්ල හැරනියාවක අලුකැටියවත්ත ශ්‍රී කුසලවර්ධනාරාමයේ පොසොන් පොහෝදින පින්කම

පෙරවරු 5.30 ට ගිලින්පස බුද්ධ පූජාව, 7.00 සම්බුද්ධ පූජාව, 8 – 9 දක්වා ධර්ම දේශනාව , 11.00 ට බුද්ධ පූජාව සහ පස්වරුවේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පිරිත් සජ්ඣායනා හා සවස 5.30 ට බෝධි වන්දනා බුද්ධ වන්දනා වැඩසටහන. රාත්‍රී 7.00 ධර්ම දේශනාව රාත්‍රී 8.30 ට පිරිත් සජ්ඣායනා ආරම්භ කෙරේ.


කළුතර බෝධිය

කළුතර බෝධි පරිශ්‍රයේදී පෝදා දවසපුරා පින්කම් පැවැත්වේ.

පෙරවරු 6.15 – 7.15 සිල් සමාදන්කරවීම තෙරුවන් වන්දනාව පනාපිටියේ විජිතනන්ද හිමි, 8.15 – 8.45 භාවනා වැඩසටහන කම්මට්ඨානාචාර්ය පාදුක්කේ සද්ධාධජ හිමි, 9.00 – 10.00 ධර්ම දේශනය තලල්ලේ චන්දකිත්ති හිමි, 10.15 – 11.10 ධර්ම දේශනය - උඩුගල කන්දේ අරියරත්න හිමි, පස්වරු 1.00 – 2.45 ධර්ම දේශනය - ශාස්ත්‍රපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි, 3.00 - 5.00 ධර්ම දේශනය හෑගොඩ සද්ධාලෝක හිමි, 5.15 – 6.15 ධර්ම දේශනය - ධම්මික හිමි.


හුණුපිටිය පුරාණ විහාරය

වත්තල, හුණුපිටිය, ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ පුන් පෝ දින වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 සිල්සමාදන් කරවීම, විහාරාධිපති වලවෙල හේමානන්ද හිමි, 8.00 භාවනාව ඇල්පිටිවෙල නන්දවිමල 9.00 ධර්ම දේශනය දළුගම සමිතඥාන හිමි, පස්වරු 1.00 ධර්මදේශනාව, බුත්කන්දේ රතනජෝති හිමි, ධර්ම දේශනාව, මීවල්දෙනියේ අමරවංශ හිමි 3.00 ජාතක කතාව හුණුවල පියදස්සි හිමි, 4.00 ධර්ම දේශනාව වේවැල්දූවේ ධම්මකිත්ති හිමි 6.00 අටවිසි බුද්ධ පූජාව විහාරවාසී ස්වාමීන් වහන්සේලා 7.00 රාත්‍රී විශේෂ ධර්මදේශනය අම්බලන්ගොඩ සුමනනන්ද හිමි, රාත්‍රී 8.00 විහාරස්ථ ස.ණ.ස කාන්තා කමිටුව මගින් ඉදිරිපත් කරන භක්ති ගීත සංදර්ශනය.


අභයදානය දීමේ පින්කමක්

දෙහිවිල කරගම්පිටියේ, ශ්‍රී මේධංකර විහාරාධිපති දීගල පියදස්සි හිමියන්ගේ අනුශාසනා පරිදි මරණයට නියම වූ ගවයින්ට ජීවිත දානය දීමේ පින්කමක් පොසොන් පෝදා සිදු කැරේ.


ගල්මඩුව

කුණ්ඩසාලේ නත්තරන්පොත ශුභ සාධක සමිතිය මගින් පොසොන් පෝදා ගල්මඩුව රජමහා භාරයේ පෙහෙවස් සමාදන්වන වන උවැසි උවැසියන්ට උපාසක දානය මෙවරද සපයන අතර විහාරාධිපති ගම්මුල්ලේ ශ්‍රී සුමංගල නාහිමිගේ අනුශාසකත්වයෙන් දවස පුරා ආගමික වැඩසටන් මාලාවක් විහාර කාර්ය සාධක සමිතිය මගින් සංවිධානය කර ඇත.


ගවයන් නිදහස් කරලීම

දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය විසින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ඉහත සඳහන් ව්‍යාපෘතිය මෙවරද ජුනි 04 පොසොන් පොහොය දින පැවැත් වේ.

ගව ඝාතකාගාරයට ගොස් මරණයට කැපවූ කිරි එළදෙනුන් 25 ක් හෝ ඊට වැඩි ගණනක් මරණයෙන් නිදහස් කරෙන බව දෙහිවල ගල්කිස්ස තරුණ බෞද්ධ සමිතිය දන්වයි.


සත්සති පූජා

කොටුගොඩැල්ල රජමහ විහාරස්ථානයෙදී ‘සත්සති පූජා’ ධර්ම දේශනා මාලාව හා විළඳ මී පිඬු පූජාවක් පැවැත්වෙයි.

ජුනි මස 02 වැනිදා භාවනා වැඩසටහන දාස්වත්තේ සුමනසීල හිමියන්ද, 09 වැනිදා ධර්ම දේශනය දෙහිගම චන්දරනනාභිධාන නා හිමියන්ද 16 වැනිදා ධර්ම දේශනය කොටගම රතනතිස්ස හිමියන්ද, 23 වැනිදා විළඳ මීපැණි අග්ගලා සහිතව තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් පැවැත් වූ පරිදි සම්බුද්ධ පූජාවක් පිළිමතලාවේ සහාහිත හිමියන්ගේ මෙහෙයවීමෙන් සිදු කැරේ.


හම්බන්තොට සිංහගිරි විහාරය

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයේ පොසොන්පුර පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් පැවැත්වේ. සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි ජුනි 02 දා සවස අටවිසි බෝධි පූජාව ද 3 දා භාවනා වැඩසටහනක් හා 04 දා කිරි ආහාර පූජාව, පළතුරු පූජාව, බෝධි පූජාව ධර්ම සාකච්ඡාව සහ භක්ති ගීත ප්‍රසංගය පැවැත්වේ.


පොසොන් තොරණ

පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානය අනුබුදු මිහිඳු හිමියන් සැමරීම සඳහා පොසොන් පොහෝදින සිට 09 දක්වා විහාරස්ථ පරිශ්‍රයේදී පොසොන් තොරණ හා විශේෂ පොසොන් කලාපයක් පැවැත් වේ. මෙවර මෙම පොසොන් කලාපයට බැති ගී, ධර්ම දේශනා, පහන් කූඩු, නාට්‍ය, බෞද්ධ චිත්‍රපට ඇතුළු විශේෂාංග රැසකින් සමන්විත ය.


කවි බණ කැසට් පටිය එළිදැක්වීම

මීරිගම කිරිමැටිඋල්ල ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරවාසී මීරිගම සිංහල තරුණ කවි සමාජයේ අනුශාසක ‘කාව්‍ය ප්‍රදීප’ වෙරළුගලස්තැන්නේ චන්දරතන හිමියන්ගේ ප්‍රථම කවි බණ කැසට්පටය එළිදැක්වීමේ උත්සවය 10 දින මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ප්‍රධාන දේශන ශාලාවේදී සවස 3.00 ට සිදු කෙරේ.


අම්පිටිය

මහනුවර, අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ඉදිකරනු ලබන මිහින්තලා අනුරුව පොසොන් පෝය නිමිත්තෙන් ජුනි මස හතරවෙනි දින විවෘත කිරීමට භාවනා මධ්‍යස්ථානාධිපති අම්පිටියේ සිරිවිමල නාහිමියන් විධි විධාන යොදා ඇත.


සිල් මාතාවන්ට අධ්‍යාපන පහසුකම්

හොරණ, දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානය මගින් නේවාසිකව ප්‍රාචීන අංශයේ අධ්‍යාපනය ලැබීමට කැමති මෙහෙණින් වහන්සේලාට සහ සිල් මාතාවන්ට අවශ්‍ය පහසුකම් නොමිලයේ සලසා ඇතැයිද බුද්ධ ධර්මය, පාලි, සිංහල, ඉංගී‍්‍රසි උපදේශනය ඇතුළු පැවිදි ජීවිතයට අවශ්‍ය අධ්‍යාපනය ලැබීමට කැමති වයස 15ත් 40 ත් අතර අය සඳහා අළුතින් පන්ති ජුනි මස මැදි භාගයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද නැදිමාල බෞද්ධ සංස්කෘකික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක කිරම විමලජෝති නාහිමියෝ කියති.

මේ සඳහා අයදුම්පත් ගුරුවරයාගේ අනුමැතියද ඇතිව දෙකඳුවල දහම් පුහුණු මධ්‍යස්ථානය, කහටපිටිය, කනන්විල, හොරණ යන ලිපිනයට යොමුකරන ලෙසද උන්වහන්සේ ඉල්ලීමක් කරති.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]