UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුද සත්කාර කරමු

ධර්මයෙහි සඳහන් වන්නේ දානය ප්‍රණීතව පිරිසුදුව නොඉඳුල්ව ආදිය යුතු බවයි. එසේ නම් දන්සල්වල ආහාර පිළියෙළ කිරීමේ දී ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු වනවා

ප්‍රතිපත්ති පූජාවට සැමවිටම මුල් තැනක් දීමට බෞද්ධයන් පුරුදු පුහුණු විය යුතු බවට අප කතා කලක් බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවට සේම ආමිෂ පූජාවට ද සම තැනක් දී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ නිරතුරුවම පුද සත්කාරය ඉහළින්ම සැලකුවා. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයට වැඩම කරනු ලබන අවස්ථාවේ උන් වහන්සේට ඉදිරියෙන් ස්වාමීන් වහන්සේ නමක් ශෝකීව වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ඒ හිමි නම පිටුපසට යොමු කළා. එය දුටු ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේට දක්වා සිටියේ ‘ගෞතමයන් වහන්ස එසේ කිරීම සුදුසු නොවේ.’

ඒ හිමියන් එසේ ගමන් කළේ ඔබ වහන්සේ කෙරෙහි අපමණ භක්තියකින්, දැඩි ශෝකීවයි.

එවිට ආනන්ද හිමියන් ඇමතූ බුදුරජාණන් වහන්සේ වදාරා සිටියේ ‘ආනන්දය ඉතා දුලභ ලෙසින් පහළ වන, බුදුරජාණන් වහන්සේ නමකගේ පරිනිර්වාණයට ආසන්න අවස්ථාවක් මේ. මේ අවස්ථාවේ දෙව් බඹුන් විශාල පිරිසක් තථාගතයන් වහන්සේට පුද සත්කාර කිරීමට පැමිණෙනවා. එසේ පැමිණෙන පිරිසට පුද සත්කාර කිරීමට එම භික්‍ෂුව නිසා හැකි වන්නේ නැහැ. එම නිසාත් ඔවුන් භික්‍ෂුවට ද්වේෂ කරාවි. විරෝධය පළ කරයි. එය නොවිය යුත්තක්, මෙයින් අප තේරුම් ගත යුත්තේ පුද සත්කාරයට බුදුරජාණන් වහන්සේ කෙතරම් ගරු කළේ ද, එසේම ඒ සඳහා අවස්ථාව ලබා දුන්නේ ද යන්නයි.

කහවනු පනස් හතර කෝටියක් වැය කළ ජේතවනාරාමය ගැන සිතා බලන්න. එහි ඉඩමට කහවනු දහ අට කෝටියක්, ජේතවනාරාමය ගොඩනඟන්න කහවනු දහ අට කෝටියක් පූජා උත්සවයට, තවත් කහවනු දහ අට කෝටියක්. අපට මේ අනුව සිතා ගැනීමට ඇත්තේ, පැහැදිලිව පෙනෙන්නේ ප්‍රතිපත්තිය තුළ ආමිෂය රඳා පැවැත්විය හැකි බවත් ආමිෂය තුළ ප්‍රතිපත්තිය රඳා පැවතිය හැකි බවත් ය.ආමිෂයත් ප්‍රතිපත්තියත් යන පූජා ක්‍රම මඟින් ශාසනයත් ඊට අදාළ සංස්කෘතිකාංග රැක ගැනීම අපේ අරමුණ විය යුතු යි. එමෙන්ම අපගේ වටිනා උත්තුංග ගුණාංග උත්තුංග ධර්මය ඇතැම් විට සුළු කරුණු නිසා සුළු පුද්ගල ක්‍රියාවන් නිසා අවතක්සේරුවකට භාජනය වනවා. මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවෙයි. අපට අන්තර් ජාතිකව ලැබෙන පැසසුම් පවා අපගේ සුළු ක්‍රියාවන් නිසා අවතක්සේරුවට නැත්නම් පිළිකුළට ලක්වීමට පුළුවන්.

අමරිකාවට සුනාමි තර්ජනය එල්ල වූ අවස්ථාවේ ඇමරිකාවේ නායකත්වය පවසා සිටියේ අපට මේ වේලාවේ අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ මෙන් දන්සල් ක්‍රමයක් බවයි. අපේ දන්සලට දානයට එතරින් ලැබෙන්නේ එවන් ඉහළ ප්‍රතිචාරයක්.

බුදුරජාණන් වහන්සෙගේ දාන පාරමිතාව සිහි කිරීම උදෙසා අප දන්සල් පවත්වනවා. එහෙත් දන්සල් පැවැත්වීමේ දී ඇතැම් අය විසින් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් නිසා විශේෂයෙන්ම දන්සල් අවසානයේ ඔවුන් විනෝදවීමට යොදා ගන්නා ක්‍රමය බුදු දහමට හෝ අපගේ සංස්කෘතියට කිසිසේත්ම හිතකර වන්නේ නැහැ. දන්සලෙන් පසු ඇතැමෙක් ඔලුබක්කන් නැටීම් එසේත් නැත්නම් අධික ශබ්දයෙන් කැසට්, සීඩී යන්ත්‍ර යොදා ගෙන බුදුදහමට නිගාවන අයුරින් මාර්ගය අවහිර කරගෙන නර්තනවල නියැළුණා.

තවත් සමහර අය මත් වතුර පානය කරන අවිනීතව හැසිරුණා. ඇත්තෙන්ම මේ වන විට එවන් තත්ත්වයන් අප සමාජයෙන් පහව යමින් තිබෙනවා. එය සතුටට කරුණක්. ඔලුබක්කන් නැටීම් අද දක්නට නැහැ. දන්සල් අවසානයේ කැසට් දමා නර්තනයෙහි යෙදීම් ආදිය දක්නට ඇත්නම් ඉතාම අඩුවෙන්.

ධර්මයෙහි සඳහන් වන්නේ දානය ප්‍රණීතව පිරිසුදුව නොඉඳුල්ව අදිය යුතු බවයි. එසේ නම් දන්සල්වල ආහාර පිළියෙළ කිරීමේ දී ඒ ගැන වඩාත් සැලකිලිමත් විය යුතු වනවා.

දන්සල පැවැත්වීමේ නියම අරමුණ ඉටු වන්නේ එම කරුණු ගැන සැලකිලිමත් වුවහොත් පමණයි. කුමන ලෞකික පරමාර්ථයෙන් පැවැත්වූවත් දන්සල් සංස්කෘතිය අප ආරක්‍ෂා කර ගත යුතුවනවා.ඇතැමුන් පවසන්නේ ගමේ අයට එකතු වෙලා උයලා ගමේ අයම කනවා. ඕකෙ මොකක්ද වෙනස, කියලා. ඒක අපේ සංස්කෘතික අංගයක්. එය සදාචාරය රැකෙන අයුරින් රැක ගන්න ඕන. ඇතැම් අය දන්සලකට තොරණකට කියා මුදලක් ලබා දෙන්නේ නැහැ. මඟ මඟට බහින්නේ වෙසක් බලන්න. කෝ මේ පාර වෙසක් නෑනෙ. දන්සල් නෑ. තොරණ නෑ, වැඩක් නෑනෙ. සංස්කෘතියද රැක ගත යුත්තේ අප විසින්. අමරිකාව, එංගලන්තය වගේ රටවල සංස්කෘතිය අපට සුදුසු නැහැ. තම මුහුණ වසා වෙස් මුහුණු (වෙස් මුහුණ) දමා සිටීම අපට අයත් සංස්කෘතියක් නොවේ.

මෙවන් විකෘති දේ තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ කටයුතු කළ යුතු ය.

වෙසක් උත්සවයේ ධාර්මික බව රැක දිය යුතු වනවා. වෙසක් සිරියේ කානිවල් සංදර්ශන පැවැත්වීම සුදුසු නැහැ. නලා පිඹිමින් මාර්ගයේ ගමන් කිරීම කිසිසේත් උචිත නැහැ. අන් අයට හිරිහැරයක් නොවන ලෙසින් ගමන් කර වෙසක් තොරණ, වෙසක් කූඩු ඇතුළු සිරි නැරඹිය යුතුයි. ඒ සඳහා උචිත සංවර වස්ත්‍රයක්ද තෝරා ගැනීම වැදගත් වනවා.

විහාරස්ථානයට මෙන් සුදු වස්ත්‍රයක් නැතත් අවම වශයෙන් ඒ සඳහා ධර්මයෙහි සඳහන් වන අයුරින් හෝ වස්ත්‍ර තෝරාගත යුතු වනවා. මාධ්‍ය මඟින් වරින් වර පෙන්වා දීමත් භික්‍ෂූන් වහන්සේගේ බලවත් උත්සාහයක් නිසා මේ වන විට වාණිජමය වෙසක් පත් කලාව මඳ වශයෙන් හෝ එයින් මිදිලා කලකට පෙර වෙසක් පත්වල සිනමා නළු නිළියන්ගේ සේයාරූ පවා අඩංගු වුණා. එහෙත් දැන් පහන් සිත වඩන කවි දැකුම්කළු චිත්‍ර සමඟ වෙසක් පත් මුද්‍රණය වෙලා. අප අගය කළ යුත්තේ හැගීමෙන් යුතුව සාරධර්ම අගයමින් කටයුතු කිරීමයි.

පොසොන් සමයේ පමණක් නොව සැමදා බුදු දහමත් එහි සංස්කෘතික අංගත් රැක ගත හැක්කේ එවිටයි.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]