Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අධි සිල් ලබති

කොටසර පියන්ගල රාජමහා විහාරය වෑගම ශ්‍රී නන්දාරාමය බදුල්ලගම්මන පුරාණ විහාරය යන විහාරත්‍රයාධිපති බදුල්ලගම්මන ගුණරතන නා හිමි ඔරුබැදිවැව සංඝබෝධි විහාරාධිපති නාවින්නේ ධම්මානන්ද නා හිමි, මාපාකඩවැව ශ්‍රී සුදර්ශනාරාමය හා කටුගහගල්ගේ රාජ මහා විහාරාධිපති ශ්‍රී සෝභිත ධර්මායතන පිරිවෙනේ කෘත්‍යාධිකාරී මල්ලැහැවේ සරණංකර හිමි හෑපොල ශ්‍රී ජයසුමනාරාමාධිපති පරිත්තභානක වෑගම රේවත හිමි යන හිමියන්ගේත් ශිෂ්‍ය බිබිල පිටකුඹුරේ පදිංචි ඩී.එම්. ලොකුබණ්ඩා සහ ආර්.බී. මුතුමැණිකා යන දෙපලගේ පුත්‍ර වූ හෑපොල ශ්‍රී ජයසුමනාරාම විහාරය හා කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානාධිවාසි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පිටකුඹුරේ ධම්මජෝති හිමියන් මෙම මස 25 දින මහනුවර මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවෙහි පිහිටවනු ලැබූහ.




 


මරදාන මහබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරාවාසී කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණෙහි ඉගෙනුම ලබන අම්බුලුගල සුමංගල හිමියෝ අධිසිල් ලබති.

පහළ කටුගන්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති සතර කෝරළ මැදි දිශාවේ ද්විතීය අධිකරණ සංඝනායක එළියදිවුල්වැවේ ශ්‍රී ජිනරතන ආනන්ද නා හිමි, කොහොවල අනුරුද්ධ හිමි යන හිමිවරුන්ගේ ශිෂ්‍ය පුත්‍ර අම්බුලුගල සුමංගල හිමියන් ඓතිහාසික මහනුවර මල්වතු මහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දීි වාහලනාග නාමයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යත උපසම්පදා ශීලයෙහි පිහිටුවීම ජුනි මස 04 වැනිදා පසළොස්වක පොහොය දින සිදුකරනු ලබයි. පහළ කටුගන්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී උන්වහන්සේගේ් මංගල ධර්ම දේශනය පසුදින (05) සවස 6 ට පැවැත්වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.