Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කඩවත ජයසුමනාරාම මහා විහාරයේ සෑ රදුන්ගේ කොත් වහන්සේ පැළඳවීම

කඩවත මහර නුගේගොඩ ජයසුමනාරාම මහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ගොඩනැගීම සඳහා වර්තමාන විහාරාධිපති ආචාර්ය දංගහවෙල ගුණතිලක නාහිමියන් ප්‍රමුඛ දායක සභාව විසින් 2011 මාර්තු මස මුල්ගල් තබන ලද චෛත්‍ය විවෘත කිරීමේ මහා පුණ්‍යෙීසවය පොසොන් පොහෝ දිනට යෙදී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මහර නුගේගොඩ පිහිටි ජයසුමනාරාම මහා විහාරය විහාරාධිපති හිමිවරුන් කීප නමක් යටතේ පැවැතිණි. වර්තමාන විහාරාධිපති ආචාර්ය දංගහවෙල ගුණතිලක නා හිමියන්ගේ පූර්ණ උත්සාහය මත විසිඑක් රියන් චෛත්‍ය රාජායාණන් වහන්සේගේ වැඩ නිම කර අභ්‍යන්තර අටවිසි බුද්ධ මන්දිරවලින්ද දර්ශණීය වලාකුළු පහත් බැම්ම සහිත උඩමලුවක්ද, වැඩ නිම කිරීමට හැකිවිය. එම චෛත්‍යයෙහි කොත් වහන්සේ තැන්පත් කිරීම, ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම හා අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමේ මහා පින්කම ජුනි 04 වෙන පොසොන් පොහෝ දින සිදු කැරේ.

පොසොන් පොහෝදින පෙරවරුවේ කොත නිරාවරණය කිරීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී කොළඹ මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී මාතලේ ධම්මකුසල නා හිමියන්ගේ සුරතින් සිදු කෙරේ.

මේ නිමිත්තෙන් ජුනි 01 වෙනදින රාත්‍රි 7.00 ධර්ම දේශනාවක්ද ජුනි 02 දින බෝධි පූජාවක්ද ජුනි 03 දින අලි ඇතුන් සහිත මහා පෙරහරක්ද, රාත්‍රියේ තුන්තිස් පෑ මහා පිරිත ආරම්භ කර ජුනි 04 වෙනි දින කොත් වහන්සේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කිරීමද එදින රාත්‍රී ගිලන්පස පූජාව පරිස්කාර පූජාව, චෛත්‍ය වන්දනාවද සිදුකර ජුනි 05 දින උදෑසන පිරිත් දේශනයේ නිමාවද දවල් සිව්වනක් පිරිස වෙනුවෙන් මහා දානය පිරිනැමීමට විහාරාධිපති හිමියන් ඇතුළු වැඩ සිටින සංඝ රත්නය ප්‍රමුඛ චෛත්‍ය සංවර්ධන කමිටුව අපේක්ෂා කරයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.