Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාදුළුවාවේ සෝභිත හිමි යතිවර සම්භාවනා උළෙල 29 දා

මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ සැත්තෑවන ජන්ම දිනය නිමිත්තෙන් වන සම්භාවනා උළෙල මැයි 29 වැනිදා අඟහරුවාදා ප.ව. 3.00 ට තෛ‍්‍රනිකායික මහානාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මුඛ්‍ය දේශනය මහාචාර්ය සරත් විජේසූරිය මහතා විසින්ද, කෙටි දෙසුම් ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනු නා හිමියන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමියන් විසින්ද පවත්වනු ලැබේ. මෙහෙයවීම මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.