Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැමට සෙත්පතා ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට අග්‍රාමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා කථානායකතුමන් ප්‍රධාන ලක් රජයට, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රධාන ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක හමුදා සියලු රණවිරුවනට රටවාසී සියලු මහජනතාවට සෙත්පතා කොළඹ දුටුගැමුණු ශ්‍රී සව¢ඥධාතු මන්දිරය සමස්ත ලංකා සිල්මාතා අභිවෘද්ධි මහා සංගමය සංවිධානය කර ඇත.

දීපව්‍යාප්ත ශ්‍රී සව¢ඥධාතු, කේශධාතු අසූමහා ශ්‍රාවක ධාතූන් 3 වන ප්‍රදර්ශනය හා පූජාව මෙම 27 වනදින පෙරවරු 10.00 සිට පස්වරු 4.00 දක්වා කුරුණෑගල වැල්ලව, තලටුඅංග ග්‍රාමයේ පේ‍්‍රමවතී ශීලමාතා ශ්‍රමයේදී ආරාමාධිපතිනි රම්බඩගල්ලේ ඛේමලතා සිල් මාතාවගේ් හා සමස්ත ලංකා සිල්මාතා ජාතික මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපති අනුරාධපුරයේ පියනන්දා හා ලේකම් හැඟව ඛේමසුම්මනී මෑණියන් වහන්සේගේද අනුශාසනා පරිදි කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු පළාත්සභා නගර හා ප්‍රාදේශීය සභා සභාපතිතුමන්, නගරාධිපතිතුමන් හා මන්ත්‍රීතුමන්ලා, වැල්ලව ප්‍රාදේශීය ලේකම්තුමා, වැල්ලව පොලිස් ස්ථානාධිපතිතුමන් හා පොලීසිය, ප්‍රදේශයේ පාසල්, දහම් පාසල් ස්වේච්ඡා සමිති සංවිධානයන්හි පූර්ණ දායකත්වයෙන් සිදු කෙරේ.

මෙම මහා සර්වඥධාතු ප්‍රදර්ශනය රට වටා සංවිධානය හා සම්බන්ධීකරණය කරනු ලබන්නේ සමස්ත ලංකා සිල්මාතා අභිවෘද්ධි මහා සංගමයේ නිර්මාතෘ/ පාලක මණ්ඩල ප්‍රධානි විධායක සභාපති දේශමාන්‍ය ධර්‍මාචාර්ය අජිත් ඒ. කළුආරච්චි මහතා විසිනි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.