Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

85 වන කොටස

භික්ඛු වග්ගය

360.
චක්ඛුනා සංවරො සාධු
සාධු සොතෙන සංවරො
ඝාණෙන සංවරො සාධු
සාධු ජිව්හාය සංවරො

ඇස, කන, නහය, දිව - හසුරුවා ගැනීමෙන් මෙලොව, පරලොව දෙකට – යහපතම උදාවේ.
ඇස ආදී පසිඳුරන් හසුරුවා - ගැනීමෙන් ජීවිතය සරුසාර කර ගන්න.

361.
කායෙන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු
සාධු සබ්බත්ත සංවරො
සබ්බත්ත සංවුතො භික්ඛු
සබ්බ දුක්ඛා පමුච්චති

තුන් දොරම හසුරුවා - කෙලෙස් අඩුකිරීමෙන් – මහන තෙම නිසැක ලෙස - සසර ඉම දක්නේය.
තුන් දොරම – හසුරුවාගත් අයට - ලොවේ හැම තැනක දී සැලකිලි ලැබෙන්නේය.

362.
හත්ථ සඤතො පාද සඤතො
වාචාය සඤතො සඤතුතතමො
අජක්‍ධත්ත රතො සමාහිතො
එකො සංතුසිතො තමාහු භික්ඛුං

තුන් දොරින් සංවරය - සිත සමාධිගතව සිටින්නා මහණෙකැයි හැඳින්විය හැක්කේය.
සංවරය ඕනෑම කෙනෙකුගේ ජීවිතේ දියුණුවට හේතුවක් වන්නේය.

363.
යො මුඛ සඤතො භික්ඛු
මත්තභාණී අනුද්ධතො
අත්ථං ධම්මං ච දීපේති
මධුරං තස්ස භාසිතං

වචනයෙන් සංවරව – හොඳ ම දේ කියන්නා , ලෝකයට සුව සැපත උදාකරන්නේය.
හොඳ වචන භාවිතා කරන්නා - ලෝකයට සාමයක් උදා කරවන්නේය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.