Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

රාජ්‍ය වෙසක් උත්සවයෙන්


අස්ගිරි පාර්ශ්වයේ මහ නායක උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් ප්‍රධාන මහ සඟරුවන වැඩම  කිරීමෙන් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ දී පිහිටි ඓතිහාසික මහ මළුවේදී ඉකුත් 6 වැනිදා පැවැත්විණි.

ආගමික වතාවත්වල නිරතවෙමින්...

තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ මුල් දින කවරය හා සමරු මුද්දරය ජනාධිපතිතුමා විසින් අස්ගිරි පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහ නා හිමියන් වෙත පිරිනැමූ අවස්ථාව.

පස් වසරක් මුළුල්ලේ මහණ දම් පුරන සාමණේර භික්‍ෂූන් වහන්සේලා දස නමකගේ පවුල්වල දුෂ්කරතා හඳුනාගෙන උන්වහන්සේලාගේ මව් දෙමව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකර දීම සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අයුරු.

ජනාධිපතිතුමා අතින් දහම් පාසල් දරු දැරියන් වෙත ත්‍යාග පිරිනැමූ අයුරු. ඡායාරූප - සුදත් සිල්වා

 

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.