Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය මෙවරත්

පොරුවදණ්ඩ අරුණ ගම ශ්‍රී සම්බෝධි විහාරස්ථ බෞද්ධ සංගමය තෙවන වරටත් සංවිධානය කරන වෙසක් කලාපය මැයි මස 05 වනදා සිට 11 වනදා දක්වා ප්‍රදර්ශනය කෙරේ. වෙසක් සැරසිලි වගවත්ත හන්දියේ සිට අරුණගම ක්‍රීඩා පිටිය දක්වා ප්‍රදර්ශනය කෙරේ. සෑම දිනකම දන්සැල් පැවැත්වේ.

ඉදිරිපත් කරන සෑම නිර්මාණ සඳහා මුදලින් ත්‍යාග පිරිනැමේ.

වෙසක් නිර්මාණ සඳහා ඕනෑම අමුද්‍රව්‍යවක් භාවිතා කළ හැක. සියලු නිර්මාණ අවම වශයෙන් අඩි 25 ක් වත් උසකින් යුක්ත විය යුතුය.

ප්‍රථම ස්ථානය – රු 50,000, දෙවැනි ස්ථානය – රු. 30,000, තෙවන ස්ථානය – රු. 20,000, සිව්වන ස්ථානය – රු. 10,000, පස්වරු ස්ථානය – රු. 5,000. මීට අමතරව දිරි ගැන්වීමේ ත්‍යාගද පිරිනැමේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.