UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)

 

පැවිදි පින්කමක්

රාජගිරියේ පදිංචිව සිටි ඒ. ඩී. හෙෂාන් ප්‍රමෝද් කුමරුවා රාජගිරියේ ඤාණානන්ද නමින් සසුන් ගතකිරීමේ පින්කමක් පසුගියදා ගාල්ල බූස්ස ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි. බලපිටියේ දුමින්දානන්ද හිමියන්ගේ ආචාර්ය උපධ්‍යත්වයෙන් මෙය සිදු කෙරුණි.

බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවීම

ඇහැලියගොඩ, විලේගොඩ ශ්‍රී නාගරුක්ඛාරාම මහා විහාරාධිපති මාරපන හේමානන්ද හිමියන් මෑතකදී මැලේසියාවට වැඩම කළ අවස්ථාවේදී ඒ හිමියන් වෙත එරට පරිත්‍යාගශීලී බොදුනුවෙකු විසින් පූජා කරන ලද අඩි පහක් පමණ උසැති, ටොන් තුන හමාරක් පමණ බරැති කිරිගරුඬ පාෂාණයෙන් නිමැවූ බුදුපිළිම වහන්සේ එරට බොදු පිරිසක් විසින් ඉකුත්දා ඇහැලියගොඩ විලේගොඩදී නාගරුක්ඛාරාම විහාරස්ථානයට නිල වශයෙන් භාරදීම අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවූ අවස්ථාව.
සටහන සහ සේයාරුව - නිමල් විජයතුංග, ඇහැලියගොඩ විශේෂ

උපසම්පදා පින්කම

ගම්පහ පහළගම විද්‍යාරවින්ද මහ පිරිවෙන් රජමහා විහාරාධිපති ගැට්ටෙපොල ශ්‍රී විමලරතනාභිධාන මහ නා හිමි, ගම්පහ පහළගම විද්‍යාරවින්ද මහ පිරිවෙන් අධ්‍යක්‍ෂ සද්ධම්ම ජෝතික ධජ ගෞරව ශාස්ත්‍රවේදී පහළගම සෝමරතන නා හිමියන්ගේ ශිෂ්‍ය උඩුගම්පොල ශ්‍රී සුධර්මාරාම විහාරවාසී දොඹවල අමිත පොඩි හාමුදුරුවන් අඹතලේ උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව උඩුගම්පොළ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය වෙත පෙරහරින් වැඩම වූ අයුරු.
උඩුගම්පොළ, බර්ටි ලයනල්

ඝණ්ඨාර කුලුනක් පූජා කෙරේ

හිඟුරක්ගොඩ හතමුණ කොටුවෙල පදිංචි ඩී. ජී. විජේරත්න මහතා ගේ නැසීගිය දෙමාපියන්ට පින් පිණිස ඒ මහතා ගේ ධන පරිත්‍යාගයෙන් හතමුණ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ ඉදිකළ ඝණ්ඨාර කුලුන පසුගියදා ඒ මහතා විසින් විහාරස්ථානයට පූජා කරන ලදී.
පොලොන්නරුව දිසා සමූහ ඇම්. පී. සරත

 
 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් 20 වැනි දා සිකුරාදා පූර්ව භාග 10.28 ට ලබයි.
21 වැනි දා සෙනසුරාදා අපර භාග 12.50 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 29 වැනි දා
 ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]