UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම : හිස්සැල්ලේ රතනසීහ නා හිමි

තනතුරු නාමයන් : බලගල්ල සරස්වතී මහා පිරිවනේ කෘත්‍යාධිකාරි, මිනුවන්ගොඩ ශාසනාරක්‍ෂ බල මණ්ඩලයේ 2වන කලාපයේ ප්‍රධාන සභාපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභික

වැඩ වසන විහාරස්ථානය : නයිවල ශ්‍රී ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය වේයන්ගොඩ

උපන් දිනය : 1944 සැප්තැම්බර් 14

පියා : කේ.පී.මාර්ටින් කරුණානායක මහතා

මව : එල්.පී. මැගිනෝනා පතිරත්න මාතාව

සහෝදර සහෝදරියන් : සහෝදරයන් හතර දෙනෙක් සහ සහෝදරියන් හතර දෙනෙක්

පැවිදි වු දිනය : 1956 මැයි 22 හිස්සැල්ලේ ශ්‍රී සුගතාරාම විහාරය

මූලික අධ්‍යාපනය : යටගම රජයේ පාසල, බලගල්ලේ සරස්වති මහ පිරිවෙන

උසස් අධ්‍යාපනය : විද්‍යෝදය මණ්ඩපය (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), 1974 විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය, බෞද්ධ හා පාලි බෞද්ධ ආයතනය (කැලණිය විශ්ව විද්‍යාලය) ඩිප්ලෝමාව සහ ශාස්ත්‍රපති උපාධිය

උපාධ්‍යායන් වහන්සේ : බලගල්ලේ සරස්වතී පිරිවනේ මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 8වන මහානායක ධූරය දැරූ අග්ගමහා පණ්ඩිත ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මහා නා හිමි

ආචාර්යයන් වහන්සේ : බලගල්ලේ සරස්වති මහ පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රාචාර්ය හිස්සැල්ලේ ධම්මරතන නාහිමි, මුද්දරගම සිරිධම්ම නා හිමි

උපසම්පදා දිනය : 1964 මැයි 30 දින ගාල්ල මහමෝදර නදී සීමාමාලකයේදී

විදේශ ධර්ම දූත සේවය : අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සිංගප්පූරුව හා ඉන්දියාව

ලියා පළ කළ කෘති :
අසිරිමත් බුදු සිරිත හා යතිවරයෙකුගේ කතාව, හිස්සැල්ලේ ධම්මරතන හිමියන්ගේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රචාරය කරන ලද සිංහලේ දෙමළ පාඩම් මාලාවේ 1 සහ 2 කොටස් සංස්කරණය කොට ප්‍රකාශ කිරීම, වර්ණ මේඛල මහා කාව්‍ය නැවත මුද්‍රණය කරවීම, මෙතෙක් ප්‍රකාශට පත් නොකළ ජීවක චින්තාමණී දෙමළ මහා කාව්‍යයේ සිංහල පරිවර්තනය “ජීවක” ග්‍රන්ථය, සිංහලයේ ද්‍රවිඩ බලපෑම් ග්‍රන්ථ දෙවන වරට ප්‍රකාශ කිරීමට පියවර ගැනීම, පාලි මහා වංශයේ දෙමළ පරිවර්තනය මුද්‍රණය කිරීමට අදාළ අංශයට පැවැරීම .

ශාසනික හා සමාජ සේවාවන් : තලාව බෙල්ලන්කල්ල විද්‍යාලයේ ආචාර්යවරයෙකු වීම (1976), ශ්‍රාවස්තිපුර අළුත්වැව කුමාර විද්‍යාලයේ ආචාර්යවරයකු වීම (1977), වේයන්ගොඩ කණිෂ්යේ විද්‍යාල ආචාර්යවරයකු වීම (1978 – 79), අනුරාධපුර පෙරිමියන්කුලම මහා විද්‍යාලයේ ආචාර්යවරයකු වීම (1979 –1981), මිනුවන්ගොඩ ජාපාලවත්ත ජනාධිපති විද්‍යාලයේ ආචාර්යවරයකු වීම (1982- 1987) (1994 –1996), නයිවල ශ්‍රී ධම්මරතන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කිරීම (1972 සිට), ශ්‍රී ලකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ධූරය, මිනුවන්ගොඩ ශාසනාරක්‍ෂ බල මණ්ඩලයේ 2 වන කලාපයේ ප්‍රධාන සභාපති ධුරය, නයිවල ශ්‍රී ධම්මරතන දහම් පාසලේ 1965 සිට, ආචාර්යවරයකු හා 1972 සිට එහි ප්‍රධානාචාර්ය ධූරය, නයිවල ශ්‍රී ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථාන සමිතිවල අනුශාසක ධූරය, නයිවල එක්සත් අවමංගල්‍යාධාර සමිතිය ආරම්භ කර එහි අනුශාසනා ධුරය දැරීම, නයිවල අනුවර්තන තාක්‍ෂණ මධ්‍යස්ථානය උසස් තාක්‍ෂණ ආයතනයක් කිරීමට කටයුතු කිරීම, නයිවල ශ්‍රී ධම්මරතන බෞද්ධ මධ්‍යස්ථානය ගොඩනැඟීම

 

 

බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 30 වැනිදා සිකුරාදා අපර භාග12 .25 ට ලබයි.
මාර්තු 31 වැනිදා සෙනසුරාදා අපරභාග 01.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 30 වැනිදා සිකුරාදා ය.

මිළඟ පෝය
අප්‍රේල් 06 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]