Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බටුවත්ත, වල්පොල නො. 108 ලිපිනයේ පදිංචි බර්ටි ධර්මවර්ධන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මහරෝහලේ විශේෂඥ වෛද්‍ය ලැනරෝල් මහතා නිර්දේශ කර ඇත. ඔහුට අවශ්‍ය “බී හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් දීමට හැකි පරිත්‍යාගශීලියකු වේ නම් ඒ බව 011 – 2955616 දුරකතන අංකයට දන්වන ලෙස ඒ මහතා ඉල්ලා සිටියි.

ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවන බැවින් ඒ සඳහා ආධාර කළ හැකි පරිත්‍යාගශීලීන් වෙතොත් සෙලාන් බැංකුව ගණේමුල්ල ශාඛාවේ 0600 – 01031246 – 101 දරන ගිණුමට බැර කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.


මිනුවන්ගොඩට ආසන්නව පදිංචි කේ.ආර්. පියලතා මහත්මිය දැනට වසර පහක (5) පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙලෙන අතර 2007 වසරේ පපුව පෙදෙසේ සැත්කමක් සිදුකළ අතර 2010 වසරේ දී උදරය සම්බන්ධව තවත් සැත්කමකට භාජනය වීමට සිදු වූ බවද කියයි. අනතුරුව වරින් වර වෙනත් ආබාධ හටගෙන ඇතැයි ද එක අතක් සම්පූර්ණයෙන් ඉදිමි ඇති නිසා කිසියම් වැඩක් කරගත නොහැකිව පීඩාවට පත්ව සිටින බවද කියයි.

ඇයගේ රෝගාබාධ වෙනුවෙන් දැනට මහරගම පිළිකා රෝහලෙන් ප්‍ර‍්‍රතිකාර ලබන අතර ඇතිවී තිබෙන අතුරු ආබාධයන්ට වෙනත් ප්‍රතිකාර වලට යොමුවීමට සිදුව ඇතැයි කියති. ඒ සඳහා ස්ථිර ආදායම් මඟක් නොමැති නිසා අසරණ තත්ත්වයට පත්ව සිටින බවද කියයි. එම නිසා දැනට ප්‍රතිකාර ලබා ගැනීමට කිසියම් ආධාර මුදලක් ලබා දෙන මෙන් ඉල්ලීමක් කැරේ.

ගිණුම් අංකය, මිනුවන්ගොඩ ශාඛාව 660029844 ජාතික ඉතිරිකිරීමේ බැංකුවට මුදල් බැර කළ හැකි ය. වැඩි විස්තර සඳහා 077 6299902 අංකයට ඇමැතිය හැකි බවද සඳහන් කරයි.


මැදිරිගිරිය මහ අඹගස්වැව වැලිගම්පුර අංක 20 දරන නිවසේ පදිංචි එම්.ජී. අනුර කුමාරසිංහ මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙලේ. ඔහුට ඉක්මණින් “බී පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍යයි. ඒ සඳහා පරිත්‍යාගශීලීයෙකු වේ නම් 027 5781431 හෝ 072 3333829 දරණ දුරකතනයට දන්වන ලෙස ඉල්ලා සිටී. අවශ්‍ය ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැයවෙන බැවින් ලංකා බැංකුවේ ගිණුම් අංක 5654894 (එම්.ජී. සුනිල්රත්න) දරන ගිණුමට ඔබේ ආධාර බැර කරන ලෙස ද පියා ඉල්ලා සිටී.


අංක 158/1, කටුවෙල හන්දිය, මැදවච්චිය යන ලිපිනයේ පදිංචි පෙර පාසල් ගුරුවරියක් වන විසිහත් (27) හැවිරිදි එච්.ඩී. රුවිනි තිලංකා මෙනවිය දරුණු වකුගඩු රෝගයකට ලක්ව ඇති අතර ඇයට වහාම “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වකුගඩු රෝග අංශයේ වෛද්‍යවරු පවසති.

වකුගඩුවක් දන්දී ඇයගේ ජීවිතය බේරා ගැනීමට උපකාරවන මෙන් ඇගේ දෙමාපියන් ඉල්ලා සිටී.

අංක 071 6352311, 071 5569499, 071 1980128 යන දුරකතන මඟින් වැඩි විස්තර ලබා ගත හැක.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.