Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

80 වන කොටස

342.
තසිනාය පුරක්ඛතා පජා
පරිසප්පන්ති සසො ච බන්ධිතො
සංයෝජන සංගසත්තා
දුක්ඛමුපෙන්ති පුනප්පුනං චිරාය

තණ්හාව නිසා මේ සසර දික්වන්නේ ය. ඒ නිසා මරණයට බියට පත්වන්නේය.
තණ්හාව - අඩු කෙරෙන තරමටම බියට පත් වීම සහ දුක ද අඩුවන්නේය.

343.
තසිනාය පුරක්ඛතා පජා
පරසප්පන්ති සසොව ඛන්ධිතො
තස්මා තසිනං විනොදයේ
භික්ඛු ආකංඛි විරාගමත්තනෝ

තණ්හාව හේතුවෙන් – නිතර භය හට ගැනේ, තණ්හාව නැති කළොත් කිසි බියක් ඇති නොවේ.
තණ්හාව - සිඳී යන තරමට ම ඔබේ මේ ජීවිතය නිසංසල වන්නේය.

344.
යො නිබ්බනථො වනාධිමුත්තෝ
වනමුත්තො වන මේ ව ධාවති
තං පුග්ගල මේථ පස්සථ
මුත්තෝ බණ්ධනමේව ධාවති

ගිහි ගෙයට කලකිරී – පැවිදි වන ඇතැම් අය නැවත උපැවිදි වෙලා - ගිහි ගෙයට යන්නෝය.
ඇතැම් අය, උතුම් පිළිවෙතේ සිට –අයහපත් පිළිවෙතට නැවත යොමු වන්නේය.

345.
න තං දළ්හං බණ්ධනමාහු ධීරා
යදායසං දාරුජං බබ්බජඤ්ච
සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු
පුත්තේසු දාරේසු ච යා අජේඛා

ලණුවලින් දම්වැලින් – බැඳෙන බැම්මට වඩා - මෙලොව සම්පතට ඇති – තණ්හාව බලවත්ය.
තණ්හාව සෑම බැඳීමට වඩා බලය ඇති බැඳීමක් බව නැණින් දත යුතු .

මතු සම්බන්ධයි


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.