UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සරු නිසරු බව වටහා ගනිමු

ශාන්තිනායකයාණන් වහන්සේ අපට දේශනා කර වදාළ සාරධර්ම සරු දෙයම අපගේ සිත් තුළ තැන්පත් කරගන්න ඕන. මනුස්ස ආත්මය ලැබීම ඉතාම දුර්ලභයි. අසාර දේ ඉවත්කර සාර දේ රැස් කර ගෙන කලාතුරකින් ලැබුණ මේ මනුෂ්‍ය ආත්මයේ ප්‍රයෝජනය ගැනීමට සෑම දෙනම අධිෂ්ඨාන කර ගන්න

නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සාරංච සාරතෝ ඤත්වා
අසාරංච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මා සම්කප්ප ගෝචරා

කාරුණික පින්වත්නි,

සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත් සලකන යහපත් සිතිවිලි ඇති පුද්ගලයෝ සරුදෙයක්ම ලබන බව ශාන්තිනායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන, දස්සන යන පංච ගුණයන්ගෙන් සපිරුන පුද්ගලයා එය සරුලෙසම දකිනවා. ඔහු කිසිවිටෙකත් වස්තුකාමයට හෝ ක්ලේශ කාමයට ගොදුරුවන්නේ නැහැ. මෙලොව පරලොව අභිවෘද්ධිය සලසාදෙන්නේ සරුදෙයයි. මෙලොව පරලොව දෙගතියම අනභිවෘද්ධියට පමුණුවන්නේ නිසරු දෙයයි. අභිවෘද්ධිය සලසා දෙන දෙය සත්පුරුෂ ගුණලෙසත් අනභිවෘද්ධිය සලසන දෙය අසත්පුරුෂගුණ ලෙසත් හඳුන්වනවා. පරාභව සූත්‍රය, වසල සූත්‍රය ආදි සූත්‍ර ගණනාවකම බුදුරජාණන් වහන්සේ නිසරුදෙය පෙන්වා වදාළා. එමෙන්ම මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකම සරුදෙය පෙන්වා වදාළා.

පින්වත්නි, සරුදෙය සරු ලෙසින්ම විකසිතව පවත්වාගැනීමට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයෙන් සාරවූ කරුණු 14 ක් වදාළා. එයින් මෙලොවද සරුවෙනව. එමෙන්ම නිවන් මඟට අවතීර්ණ වීමේ මාර්ගය ද පැහැදිලි වෙනව.

මෙලොව ජීවිතය හැඩගස්වා ගැනීමට සාරධර්ම දේශනා කළ බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධය සඳහා පිලිපන් යෝගාවචරයාහට සුඛිනෝවා හොන්ත, ඛේමිනෝවා හොන්තු සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා යනුවෙන් මෛත්‍රි කර්මස්ථානය වදාළා. අනතුරුව බුදුන් වහන්සේ වදාළේ සත්ත්ව කොට්ඨාශ විස්සක් සඳහා මෛත්‍රි වැඩීමටයි .මෙම සාරධර්ම අනුගමනය කර සිත මෛත්‍රිය තුළ පිහිටුවාගෙන මෙලොව ජීවිතය යහපත් කරගැනීමටත්, නිවන් අවබෝධය කරගැනීම සඳහාත් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.

මහා මංගල සූත්‍රදේශනාව තුළින් සාරධර්ම හඳුනාගෙන මෙලොව ජීවිතය සරු කර ගැනීමටත්, නිවන් අවබෝධ කරගැනීම සඳහාත් මංගල කරුණු තිස් අටක් දේශනා කර වදාළා. එම සාරධර්ම මංගල කරුණු තුළින් සම්මුති වශයෙන් මෙලොව ජීවිතය හැඩගස්සවා ගැනීමට ජීවිතය සරු කර ගැනීමට මඟ සලසා දෙනව. පරමාර්ථ වශයෙන් ගත්කළ එය නිවන් අවබෝධය සඳහා යායුතු මාර්ගය පහදාදෙන සරුමාර්ගය වෙනව. මෙහි පළමු ගාථාවෙන් අසත්පුරුෂයින් ඇසුරු නොකිරීමත්, සත්පුරුෂයින් ඇසුරුකිරීමත්, පිදිය යුත්තන් පිදීමත් මෙලොව දිවිය සරුකර ගැනීමේ මංගල කරුණු වශයෙන් දේශනා කර වදාළා. මෙහි අර්ථය පරමාර්ථ වශයෙන් ගැඹුරින් හිතට ගන්න ඕන. අසත්පුරුෂයා මෙන්ම සත්පුරුෂයාත් සිටින්නේ තමන්ගේ සිත තුළමයි. අසත්පුරුෂයා යනු අසාරධර්මයි. එනම් ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන්. එමෙන්ම ක්‍රෝධය, වෛරය, ඊෂ්‍යාව, මේවා නිසරු දේවල් අසාර දේවල් මේවාට කියනව කෙලෙස් කියල. මෙම අසාරවූ අසත්පුරුෂ ධර්ම නොහොත් කෙලෙස් එකදාස් පන්සියයකටත් වැඩිය මිනිස් සිත තුළ පවතින බව පොතපතේ සඳහන් වෙනව. මේවා සිත තුළට පැමිණීමට නොදී වළක්වන්න ඕන. පණ්ඩිතානංච සේවනා යනු සාරධර්මයන් තම සිත තුළට ගැනීමයි. කල්‍යාණමිත්‍ර දහම තම සිත තුළට ගැනීමයි. ශ්‍රද්ධාව , සීලය, ශ්‍රැතය, ත්‍යාගය, ප්‍රඥාව, ඉවසීම, කරුණාව, පරෝපකාරය, අනූන්ගේ දියුණුවට කැමැත්ත යන මේවා සාරවත් දෙයයි. ඒවා සිත තුළ තැන්පත් කර ගන්න ඕන. සද්ධා, සති, හිරි, ඔත්තප්ප ආදි සෝභන චෛතසිකයන් සිත තුළ තැන්පත් කරගන්න ඕන. එවිට තමන්ගේ සිත අකුසලයෙන් මිදී කුසල් පිරුණ ගබඩාවක් වෙනව. සිත ප්‍රභාස්වර වී පිදිය යුතු ස්ථානයක් බවට පත් කරගත්විට එය නිවන් මඟට ප්‍රවිෂ්ඨවීමේ පළමු අඩිතාලම වෙනවා. පතිරූපදේසවාසය යනු සම්මුති වශයෙන් මෙලොව දිවිය සරුකරගත හැකි තෙරුවන් වැඩ සිටින, සත්පුරුෂ ඇසුරට හැකි ප්‍රදේශයයි. එය මෙලොව දිවිය සැපවත් කරගැනීමේ සරු ප්‍රදේශය වනව. පරමාර්ථ වශයෙන් ගත් කළ එය නිවන් මගට යාමට තම සිත සුදුසු ප්‍රදේශයක් බවට පත්කර ගැනීමයි. සියලු අකුසල් දුරුකර “කුසලස්ස උපසම්පදා” කුසලින් තම සිත පෝෂණය කරගන්න ඕන. “පුබ්බේචකතපුඤ්ඤතා” සම්මුති වශයෙන් ගත්කළ පෙර ආත්මවල කරන ලද කුසල් මෙම ආත්මයේදී ප්‍රතිඵල ලැබෙන බවයි. පරමාර්ථ වශයෙන් ගත්කළ “අසේවනාච බාලානං “ අසත්පුරුෂධර්ම” තම සිතින් ඉවත්කළ අවස්ථාවේ සිට මේ අවස්ථාව වන විට තමන් අසාරදේ අතහැර සාරදේ කෙතරම් තම සිත තුළ රැස් කර ගත්තාද යන්න නිවන සොයායන යෝගාවචරයා ප්‍රත්‍යවෙක්‍ෂා කරනව. අපගේ සිත මේ වන විට කොතෙක් දුරට ප්‍රභාස්වර කරගෙන ඇද්ද යන්න සිහිනුවණින් යෝනිසෝමනසිකාරයෙන් සිතන්න ඕන. සරු දෙයින් සිත පිරී ඇති බව තමන්ට හිතෙනව. “අත්ත සම්මා පනිධිච” අසරු දෙය තම සිත තුළට ඇතුළුවීමට නොදී සාර දෙයම තම සිත තුළ තැන්පත් කර සිත යහපත්ව පිහිටුවා ගැනීම සම්මුති මෙන්ම පරමාර්ථ වශයෙන්ද සරු දෙයක් වෙනව. බුදුරජාණන් වහන්සේ සෑම දේශනයකින්ම වදාළේ නිවන් අවබෝධය ලබාගැනීමේ සරු දෙයමයි. අපගේ සිතට එන අනන්ත වූ කෙලෙස් (නිසරු දෙය) දුරින්ම දුරුකර ශාන්තිනායකයාණන් වහන්සේ අපට දේශනා කර වදාළ සාරධර්ම සරු දෙයම අපගේ සිත් තුළ තැන්පත් කරගන්න ඕන. මනුස්ස ආත්මය ලැබීම ඉතාම දුර්ලභයි. අසාර දේ ඉවත්කර සාර දේ රැස් කර ගෙන කලාතුරකින් ලැබුණ මේ මනුෂ්‍ය ආත්මයේ ප්‍රයෝජනය ගැනීමට සෑම දෙනම අධිෂ්ඨාන කර ගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි


ධර්ම දානයට දායක වීමට මහඟු අවස්ථාවක්

බුදුසරණ ධර්ම දේශනා ලිපිය මෙම පිටුවෙහි පළවේ. එබැවින් ඔබටත් ධර්ම දානමය පින අත් කර ගැනීමට මහඟු අවස්ථාවක් උදා වී ඇත.

ඔබගේ දයාබර මවුපියන්ගේ හෝ දූ පුතුන්ගේ උපන් දිනය සමරුවට ආශිර්වාද පිණිස සෙත් පැතීමටත්, පරලොව සැපත් නෑදෑ හිතවතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් එසේ ධර්ම දානයට ඔබට දායක විය හැකි ය.

එසේ ධර්ම දානයට දායක වන සැදැහැවතුන්ගේ නම් හා අදාළ එක් ඡායාරූපයක් (සෙ.මී. 4 1/2) සහිත දායකත්වය පිළිබඳ විස්තර මෙම පිටුවෙහි පළ කැරේ. සියලු විස්තර අලෙවි හා ශාඛා කාර්යාල අංශයේ (94) 0777 270091 හෝ (94-11) 2319741 දර්ශ ගෙන් විමසා දැන ගත හැකිය.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]