වෑත්තෑවේ ධම්මාලංකාර හිමියෝ නායක පදවි ලබති
			
			 මහනුවර මල්වතු මහා විහාරීය ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ 
			කාරක මහා සංඝ සභාව විසින් ‘ගලගෙදර වෑත්තෑව ශ්‍රී පුෂ්පාරාම’ 
			විහාරාධිපති වෑත්තෑවේ ධම්මාලංකාර හිමියන් වෙත ‘විනය කීර්ති ශ්‍රී 
			අත්ථදස්සී’ යන ගෞරව නාමය සහිත ‘තුම්පනේ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය 
			පිරිනමා ඇත. ඊට අදාළ සන්නස් පත්‍රය ලබා ගැනීම ඉකුත් 10 දින මල්වතු මහා 
			විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී සිදු කිරීමට නියමිතව තිබිණි. 
			‘තුම්පනේ පළාතේ’ වෑත්තෑව නම් ගම් පියසෙහි විසූ ඩබ්ලිව්. ඇම්. 
			පුංචිනිලමේ සහ බණ්ඩාර මැණිකේ ජයසුන්දර යන දම්පතීන්ගේ පුතණු කෙනෙකු ලෙස 
			1943.04.15 දින මෙලොව එළිය දුටු පින්වත් කුමරුවා ‘මාලින් බණ්ඩාර’ නම් 
			විය. ‘ගල්ගෙදර ද්විභාෂා පාඨශාලාවෙන්’ මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම 
			කුරුණෑගල ශාන්ත ආනා, මහනුවර ධර්මරාජ යන විදුහල් වලට ඇතුළත්ව වැඩි දුර 
			අධ්‍යාපනය ලැබීය. 
			දාහතර විය සපිරෙත්ම එම කුමරුවා අඹන්වැල්ලේ සෝමසාර ගලගෙදර පඤ්ඤාසාර යන 
			හිමිවරුන් යටතේ ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය. සිය ගුරුදේවයන් 
			වහන්සේලා ඇසුරින් වත් පිළිවෙත් උගෙන වෑඋඩ ශ්‍රී විද්‍යාතිලක, කුරුණෑගල 
			ශ්‍රී මලියදේව යන පිරිවෙන් වලට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලබා 1965 දී 
			කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර 
			ගන්නා ලදී.  
			ධම්මාලංකාර සාමණේර හිමියෝ 1966 වර්ෂයේ මල්වතු මහා විහාරයේදී උපසම්පදාව 
			ලැබූහ. වෑත්තෑව ‘ශ්‍රී ශාසනාලෝක පිරිවෙනෙහි වසර 10 ක් පරිවෙනාධිපති 
			ධුරය දරමින් කටයුතු කළ උන්වහන්සේ නුවර එළිය ශ්‍රී වජිරඤාණ මහා 
			විද්‍යාලය, ගලගෙදර මධ්‍ය මහා විද්‍යාලය යන විද්‍යාලවල සේවය කොට 1996 
			වර්ෂයේ ගුරු සේවයෙන් විශ්‍රාම ලැබීය.  |