UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෝදා පින්කම්

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියේ මහා විහාර පෝදා වැඩසටහන මෙසේ ය. පෙරවරු 6.00 – 6.30 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී ශීල සමාදානය, 6.30 – 7.00 බුද්ධ පූජාව, 8.00 – 8.30 මහාවිහාර සන්නිපාත ශාලාවේ දී අනුරාධපුර අටමස්ථානාධිපති සහ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනය. 8.30 – 9.15 ධර්ම දේශනය, 9.15 – 10.00 භාවනා, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, පස්වරු 12.15 – 2.00 ධර්ම සාකච්ඡාව, මෙහෙයවීම රෝහිත විජයතිලක මහතා, 2.00 – 2.30 ශීල ආවර්ජනය, 2.30 – 3.30 භාවනා, 4.00 – 5.00 ධර්ම දේශනය, 5.15 – 6.00 භාවනා, 6.30 – 7.00 ජය සිරි මහ බෝ සමිඳුන් අබියස දී බෝධි පූජාව, 7.30 – 8.30 ධර්ම දේශනය 8.30 – 9.30 භාවනා, 9.30 – 10.00 පිරිත් සජ්ඣායනය.


බොරැල්ලේ ගෝතමී විහාරය

බොරැල්ලේ ශ්‍රී ගෝතමී විහාරස්ථානයේ මාසිකව සිදු කරනු ලබන සීල සමාදානය මැදින් පොහොයදා වැඩසටහන.

පෙරවරු 6.00 සීල සමාදානය හා අනුශාසනාව රාජකීය පණ්ඩිත මාමඩලේ විමල හිමි, 6.30 සම්බුද්ධ පූජාව දායකත්වය නෙළුනිකා එදිරිවීර මෙනවිය, 8.15 භාවනාව ආටිගල අමිතදේව හිමි, 9.30 ට බුදුසරණ පුවත්පත බෙදාදීම, දියබලනගේ සොහොයුරන්, 10.00 ධර්මදේශනාව අපරැක්කේ ධම්මානන්ද හිමි, පස්වරු 1.30 ධර්මදේශනාව පණ්ඩිත අම්බුලුගල සුමංගල හිමි, 3.00 ධර්මදේශනය ශාස්ත්‍රපති වහුමුවේ විජයවංස හිමි, 4.30 වෛද්‍ය දේශනය වෛද්‍ය ජී.එල්. පාඬිප්පෙරුම මහතා, 6.00 ට සීල පවාරණය හා අටවිසි බුද්ධ පූජාව මෙහෙයවීම බෝලානේ අතුල හිමි.


කළුතර බෝධිය

මැදින් පුන් පොහෝ දින කළුතර බෝධි භාරකාර මණ්ඩලය කළුතර බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආගමික වැඩසටහන.

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, තෙරුවන් වන්දනාව හා බුද්ධ පූජාව මෙහෙයවීම කළුතර ධම්මරක්ඛිත හිමි, 8.00 – 9.45 ධර්මදේශනය පාදුක්කේ සද්ධාධජ හිමි, 10.00 – 11.15 ධර්ම දේශනය ශාස්ත්‍රවේදී යගිරල විමල හිමි, පස්වරු 01.30 – 03.00 ධර්මදේශනය කුකුල්පනේ සුදස්සී හිමි., 03.00 – 4.00 ධර්ම දේශනය අක්මීමන ධර්මපාල හිමි, 4.45 – 6.00 ධර්ම දේශනය මොරකැටිආරේ ධම්මික හිමි, 6.15 – 6.50 පූජ්‍ය පානදුරේ අරියධම්ම හිමියන්ගේ බෝධි වන්දනාව (පටිගත කළ එකකි) 7.00 – ධර්මාචාර්ය කේ. පරණවිතාන මහතා, මෙහෙය වන නව අරහාදී පහන් පූජාව, 8.30 සිට රූපවාහිනිය තුළින් බෞද්ධ දර්ශන එළිදැක්වීම.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෝදා පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව කැනඩාවේ වෙස්ට් එන්ඩ් බෞද්ධ විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිත කීඹිඇල කස්සප මාහිමි, 8.00 – 9.00 වැලිමඩ පසන්නමාතස හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති කුඩාකත්තෝරුවේ විනීත හිමි, 10.00 – 11.15 පරෝපකාර සංග්‍රහය, ධර්ම දේශනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 – 12.30 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලාදේශයේ සංඝරක්ඛිත හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 – 3.00 දේශනාව රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සාක්‍ය නානායක්කාර මහතා, 3.00 – 4.00 ධර්ම දේශනාව වැල්ලම්පිටියේ විනයවංස හිමි, 4.15 – 5.00 ධම්මපදය ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 – 6.00 ධර්ම දේශනාව දියතලාවේ පියදස්සි හිමි, 6.00 – 6.30 බෝධි පූජාව මෙහෙයවීම ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ත්‍රිපිටකාචාර්ය මංගලම පඤ්ඤාසාර හිමි, 8.00 – 9.00 භාවනාව, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්ම දේශනාව, ශාස්ත්‍රපති පණ්ඩිත මාලිගාවිල අස්සජි නාහිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව, පියදාස මුතුගම මහතා, පස්වරු 12.35 – 1.00 පිරිත් හා තෙරුවන් ගුණ ආරියගම සද්ධානන්ද හිමි සහ මතුගම සුවචධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්ම දේශනාව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත මාලිම්බඩ පඤ්ඤාසාර නාහිමි, 3.00 – 3.30 විශේෂ අනුශාසනාව රත්මලාන මල්ලිකාරාමාධිපති වැලිගම ඥානරතන මහනාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව, කැනඩාවේ වෙස්ට් ඇන්ඩ් බෞද්ධ විහාරවාසී ශාස්ත්‍රපති පණ්ඩිත කිඹිඇල කස්සප හිමි, 5.00 – 6.00 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


බම්බලපිටිය සිරි වජිරාරාමය

පෝදා පෙරවරු 6.00 – 7.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව, සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලේ ආනන්ද අනුනායක හිමි, 8.00 – 9.00 ධර්මානුශාසනාව උඩහේන්තැන්න ශ්‍රී ජයන්ති විහාරවාසී ඉඟුරුවත්තේ ධම්ම ගවේසී හිමි, 9.00 – 9.30 විශේෂ ධර්මානුශාසනාව, අග්ගමහා පණ්ඩිත වැලිගම ඤාණරතන මහා නා හිමි, 9.30 – 11.00 පොල්ගස්ඕවිට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී කම්මට්ඨානාචාර්ය දාස්වත්තේ සුමනසීල හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව, සිරි වජිරාරාමවාසී, පැරකුම් පුර විශාරද හිමි, පස්වරු 12.30 – 1.30 සෙත් පිරිත් හා තෙරුවන් ගුණ සජ්ඣායනය, සිරි වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්ය කඹුරුගමුවේ මහානාග හිමි, පස්වරු 1.30 – 2.45 ධර්මසාකච්ඡාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 3.00 – 4.00 ධර්මානුශාසනාව, ධර්මායතනවාසී දියතලාවේ පියදස්සි හිමි, 4.00 – 5.00 ගිහි දේශනාව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ආචාර්ය ප්‍රණීත් අබේසුන්දරසූරීහු, 5.00 – 6.00 ධර්මානුශාසනාව, වැලිමඩ ජිනාලංකාර හිමි, 6.00 – 6.30 අටවිසි බුද්ධ පූජාව සහ බෝධි පූජාව, සිරි වජිරාරාමයේ ස්වාමීන් වහන්සේලා.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම, ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 8.15 භාවනා වැඩසටහන, උපුල්විල ශාසනසුමණ හිමි, 9.15 ධර්ම දේශනය, පස්වරු 1.00 ධර්ම දේශනය, උපුල්විල ශාසන සුමන හිමි, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 5.00 බෝධි පූජාව, 6.00 සිල් පවාරණය.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

පෙරවරු 6.00 – 7.00 සීල සමාදානය, අනුශාසනය ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.15 – 9.30 භාවනාව, කුසුමා භික්‍ඛුණිය, 9.45 – 10.45 ධර්මදේශනය, ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මා හිමි, 11.00 – 11.15 තෙරුවන් වන්දනාව, පස්වරු 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අලුත්වෙල ධම්මසති හිමි, ධම්මජෝති හිමි, 1.00 – 2.00 ධර්මදේශනය, ශාස්ත්‍රපති මහියංගනේ උපරතන මාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව ෂේන් බ්ලොක් මයා, 4.00 – 5.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති පොත්තේවෙල විනීත නා හිමි, 5.00 – 6.00 ධර්ම දේශනය ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි, රාත්‍රී 7.00 අටවිසි බුද්ධ වන්දනාව සහ බෝධි වන්දනාව.


හොරේතුඩුව

මොරටුව, හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරයේ සීල සමාදාන වැඩසටහන. පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම, බුද්ධ වන්දනාව සහ උදෑසන බුද්ධ පූජාව, 8.00 ධර්ම දේශනාව පණ්ඩිත අත්තුඩාවේ ඉන්දරතන නාහිමි, 9.00 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්ම දේශනාව, 10.00 භාවනා වැඩසටහන, මෙහෙයවීම හිරණ ප්‍රජාපති ආශ්‍රමයේ අධිපතිනි මහියංගනයේ ධම්මශීලා සිල් මෑණියෝ, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 සාමූහික පිරිත් දේශනාව 2.00 අත්තිඩියේ නිහාල් පෙරේරා මහතාගේ දෙසුම, 4.00 විශේෂ ධර්ම දේශනාව වලපල අරිය රතනාරාමාධිපති ශාස්ත්‍රවේදී කොටුවේගොඩ ගුණානන්ද හිමි, 5.00 මහා බෝධි පූජාව, ශ්‍රීමත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ශ්‍රීමතාණන් ප්‍රධාන ලක්වැසි සියලු ජනතාවට සෙත් පැතීමත්, රට සුරකින ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට සෙත්පැතීමත්, යුද්ධයේ දී මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත් සිදු කෙරේ.


කතරගම කිරිවෙහෙර

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී මැදින් පෝදා දවස පුරා පින්කම් රැසක් ඌව විශ්වවිද්‍යාලයේ කුලපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනාව පරිදි සිදු කෙරේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන් පස කිරි ආහාර පූජාව හේවිසි ශබ්ද පූජාව, මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ් වර්ණ සාටකයක් පැළඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ සුවඳ පැණින් නැහැවීමෙන් අනතුරුව බෝධිපූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් සිදු කැරේ.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝමළුවේ දී මල් පහන් පූජා කර බෝධිපූජාව පැවැත්වේ. කිරිවෙහෙර තුන්වන මළුව සමීපයේ පහන් දස දහසක ආලෝක පූජාව පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන් වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත්වේ.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10 කුප්පියාවත්ත ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ මැදින් පොහෝ දා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් ත්‍රිපිටකාචාර්ය, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා උපාසක, උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව විහාරාධිකාරී ශාස්ත්‍රපති රජවත්වත්තේ වප්පහිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන මෙහෙයවීම රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.30 – 12.45 සෙත් පිරිත් සජ්ඣායනාව විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය, 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම, තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් 2.15 – 3.00 භාවනා වැඩසටහන තලල්ලේ සිරිමහින්ද නාහිමි, 3.15 – 4.15 ධර්ම දේශනය සබරගමු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රත්තොට උපනන්ද හිමි, 4.30 - 5.30 ධර්ම දේශනය ගැට්ටුවානේ සුමේධ හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරි මහින්ද නාහිමි, 6.45 – 7.45 මල්පහන් ගිලන්පස සහිත සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව, 8.00 – 9.00 රාත්‍රී ධර්ම දේශනය.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ, වැලිපාර, සංඝමිත්තාරාමයෙහි මෙම මස පෝ දින වැඩසටහන මෙසේ ය.

පෙරවරු 8.00 සිට 9.00 දක්වා ඕපනායක නිරාශා දසසිල් මාතාව විසින් මෙහෙයවන භාවනා වැඩසටහන 9.00 සිට පෙරවරු 9.45 දක්වා කඩවත විමුක්ති දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා මහරගම ධර්මායතනවාසී රන්ගිරි උල්පතේ සුගතවංශ හිමියන් පවත්වන ධර්ම දේශනාව. පස්වරු 12.30 සිට 1.00 දක්වා ධම්මචක්කපවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 සිට 2.00 දක්වා කෑගල්ලේ විමංසා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන, 2.15 සිට 3.15 දක්වා ගණේමුල්ලේ නිස්සරණි දසසිල් මාතාව මෙහෙය වන භාවනා වැඩසටහන 3.15 සිට 4.00 දක්වා කොට්ටාවේ සුධීරා දසසිල් මාතාව මෙහෙයවන භාවනා වැඩසටහන, 4.00 සිට 5.00 දක්වා බත්තරමුල්ල සිරිසුදස්සනාරාමාධිපති ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් පවත්වන ධර්මදේශනාව, අනතුරුව තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය, සවස 6.00 ට විසිතුරු මල්, පහන්, ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් මොරවක ශාන්ත හිමියන් පවත්වනු ලබයි.


මාතර සිරි වජිරඤාණ ධර්මායතනය

සිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පණ්ඩිත පැලෑනේ සුවිනීත හිමි, බුද්ධ පූජාව, ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී හක්මන මධුර ධම්ම හිමි, ධර්ම දේශනාව ශාස්ත්‍රපති කපුගම සුගතසාර හිමි, බුද්ධ පූජාව, සෙත් පිරිත් දේශනාව සෙවනගල සුසාරද, ගල්පමුණේ සුවන්ත සාමණේර ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත මොදරවාණේ සිද්ධත්ත හිමි, ධර්මානුශාසනාව ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති පණ්ඩිත වලස්ගල පඤ්ඤාසිරි හිමියන් සිල් පවාරණය සහ පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිකාරී පණ්ඩිත හිමි.


හුණුපිටියේ පින්කම්

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ මෙම මස පෝ දින පෙරවරු 6.00 සිට පසුදා පෙරවරු 6.00 දක්වා දාන සීල භාවනා ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් පැවැත්වේ.

අලුයම 6.00 සිල්සමාදන් කරවීම අම්බලන්ගොඩ සුමනනන්ද හිමි, පෙරවරු 7.30 ධර්මදේශනාව මාලිබොඩ සුගතානන්ද හිමි, 8.30 භාවනාව වෑගල්ලේ රාහුල හිමි, 9.30 ධර්මදේශනාව විහාරාධිපති වලවෙල හේමානන්ද නාහිමි, පස්වරු 1.00 ධර්මදේශනාව බුත්කන්දේ රතනජෝති හිමි, මීවලදෙනියේ අමරවංශ මාහිමි, 2.00 ධර්මදේශනාව මීවලදෙනියේ අමරවංශ මාහිමි, 3.00 ජාතක කතාව හුණුවල පියදස්සි හිමි, 4.00 ධර්මදේශනාව වේවැල්දූවේ ධම්මකිත්ති හිමි, 5.00 සිල් නැවත සමාදන්කරවීම, පවාරණය වනවාසල ධම්මකුසල හිමි, 6.00 අටවිසි බුද්ධ පූජාව හසලක අමිතසිරි, විජේරියේ විජිතනන්ද හිමිවරු රාත්‍රි 8.00 සිට අලුයම 6.00 දක්වා ත්‍රිපිටකය ඇසුරින් ධර්ම සාකච්ඡාව හා භාවනාව කහනාවිට සමිතධම්ම හිමි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]