UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දරුවන්ට සමාජයීය දැනුම අඩුයි

මව්පියන්ගේ ප්‍රධානම වගකීමක් වන්නේ දරුවන් යහපතෙහි යෙදීමය. මෙහිදී දරුවන් සමාජ ව්‍යසන කෙරෙහි දැනුම්වත් කිරීම මුල් තැනක් ගන්නවා

වර්තමාන සමාජයේ දියණියකගේ ආරක්‍ෂාව සපයා ගැනීමට මව්පියන් උපදෙස් ලබාදීම මෙන්ම දියණිය විසින්ද සමාජය දෙස විපරුම් ඇසින් බැලීම අත්‍යවශ්‍ය වනවා.

විශේෂයෙන්ම මෙහිදී සමාජයේ විවිධ පුද්ගලයින්ගේ නොමනා ක්‍රියාකාරකම් ගැන දැන ගැනීමද බෙහෙවින් වැදගත් වනවා.

එසේම පාසල් වෑන් රථවල ගමන් ගන්නා දරු දැරියන්ටද මනා අවබෝධයක් ලබාදීම මෙහිදී බෙහෙවින් වැදගත් වනවා. මේ පිළිබඳව මනා අවබෝධයෙන් සිටීමෙන් ඔබේ දරුවන් අපයෝජනයට ලක්වීමෙන් වළක්වා ගත හැකිය.

බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ පැහැදිලිවම දක්වා තිබෙනවා මව්පියන් විසින් දරුවන් උදෙසා කළ යුතු යුතුකම් සම්බන්ධව.

මේ නිසා මව්පියන් නිරතුරුවම දරු දැරියන් ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. මව්පිය දූ දරු සබඳතා හොඳින් තහවුරු වන්නේ එවිටයි. යුතුකම් අගයන සාමකාමී සමාජයකට මඟ පෑදෙන්නේ එසේ අප වගකීම් පිළිබඳ අවබෝධයෙන් සිටියහොත් පමණයි. දරු දැරියන් සහභාගි වන විවිධ ක්‍රීඩා තරග, බාල දක්ෂ කඳවුරු වැනි රාත්‍රි නිවසින් පිටව සිටින අවස්ථාවලදීත් දරු දැරියන් විවිධ අපචාරයන්ට ගොදුරුවීමට ඉඩකඩ ඇතිවිය හැකියි. එම නිසා මව්පියන් සැමවිටම තම දරුවන් ඇසුරු කරන පුද්ගලයන් ගැන මෙන්ම නිවසින් බැහැරව රාත්‍රි වැඩසටහන් කඳවුරු ආදියට සහභාගිවනවා නම් පෞද්ගලිකවම අවධානය යෙමු කළ යුතුයි.

මෙයින් අදහස් කරන්නේ දරු දැරියන් ක්‍රීඩා තරග බාලදක්‍ෂ කඳවුරු ආදියට යොමු නොකළ යුතු බව නෙමෙයි.

විශේෂයෙන්ම මෙහිදී දියණියන්ගේ ආරක්ෂාව ගැන හොඳින් සොය බැලිය යුතු වෙනවා.

අප ඇතැම් විට දියණියන් ආරක්ෂා කරනවාට වඩා ඇය අනාරක්ෂිත කරන බවයි පෙනෙන්නේ. දියණියක වැඩි වියට පත්වූ විට කුමක්ද? කරන්නේ . ගමටම කියල කොටහලු මඟුල් ගෙවල් ගන්නවා. අප මොකක්ද එයින් අදහස් කරන්නේ. මොකක්ද එතනින් වෙන්නේ.

අපි ගමටම පෙන්නුම් කරනවා අපේ ගෙදරත් වැඩිවියට පත්වූ දැරියක් ඉන්නවා කියලා. මේක දැරියකගේ ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයිද? දැරියක් සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය පිරිමි දරුවන්ට වඩා වෙනස් නැහැ. එහෙත් ඇය කුඩා කල හොඳින් ආරක්ෂා කර ආවාහ විවාහ සඳහා යොමු කළ යුතුයි.

පෙර කීවාක් මෙන් සිඟාලෝවාද සූත්‍රයේ ඒ බව මනාව දක්වා තිබෙනවා. නමුත් අද අපේ ආර්ථික රටාව අනුව මේ තත්ත්වය වෙනස්ව ගොස් ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

ස්වාමිපුරුෂයා විදේශගතව සිටිනවා නම් බොහෝ මව්වරුන් විසින් දියණියගේ ආරක්ෂාවට හිතවත් පිරිමි දරුවකු යොදවනවා. අතිරේක පන්ති යන්නේ නගරයට යන්නේ මේ අයියත් එක්ක. ඒ පිරිමි දරුවා අනිවාර්යයෙන්ම දැඩි හිතක් ඇති කර ගන්නවා. මේ නංගී මට ලැබෙයි කියා .අම්මත් කැමතිනෙ ප්‍රශ්නයක් නෑ. අන්තිමට කුමක්ද සිදුවන්නේ. ක්ෂණයකින් මව දැරිය ඉවත් කර ගන්නවා. අර තරුණයා එක්ක කිසිදු ගමනක් යවන්නේ නෑ. එවිට අර තරුණයා තමන්ට කරන්න පුළුවන් මොකක්ද? ඒ දේ කරනවා. පලිගැනීම වෛරය ඔහුගේ හිතේ හටගන්නවා. මේවා අප පැහැදිලිව නොදකින සමාජයේ තැන් තැන්වල දකින්න තියන දේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, හට ගැනීම තුළ ඕනෑම අපරාධයකට යොමුවිය හැකි බව බුදුදහමෙත් දැක්වෙනවා.

සෑම විටම මව්පියන් දරුවන්ගේ සැබෑ ආරක්‍ෂකයන් විය යුතුයි සමාජයට පේන්න පමණක් ආරක්ෂකයන් වී පලක් නැහැ. දියණියගේ ආරක්‍ෂාව පතා ඇතැම් මව්පියන් දියණිය තනියම ත්‍රීරෝද රථයක නංවා යවනවා. මෙය එක් පැත්තකින් ආරක්ෂාකාරි වන විට තවත් පැත්තකින් අනාරක්‍ෂාකාරී වනවා. මේ නිසා මොනතරම් දන්නා අඳුනන අයකු සමග වුවත් දියණියක තනිව ත්‍රීරෝද රථයක නොයැවිය යුතුයි. ඒ වගේම ත්‍රීරෝද රථයක ගමනාන්තයට ගොස් ගාස්තුව විමසූ විට එහි රියදුරා ‘සල්ලි එපා නංගී’ නැත්නං ගාස්තුව ප්‍රකාශ කිරීම මඟ හරින්නේ නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා. තරුණ දූ දරුවන්ට වගේම මව්පියන්ද ඒ ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.

තමන් හරි හම්බ කරගන්න ස්වයං රැකියාවේ මුදල අනවශ්‍යයි කීමට ඇති හේතුව කුමක්ද? මේ කරුණ හොඳින් සිතා බැලිය යුතුයි. අපට සමාජ අවබෝධයක් තිබිය යුත්තේ මේ තත්ත්වයන් තේරුම් ගැනීමටයි. මාළුවා බිලී පිත්තේ අමුණා ඇති ඇම කරා එන්නේ ඇයි? ඒ ඇමට අමුණා ඇති පණුවා දඟලන නිසයි. ඒ වගේම අපේ දැරියන් අනවශ්‍ය ලෙසත් දැගලීම පෙන්නුම් කළහොත් ගැටලු මතුවන බව හොඳින් තේරුම්ගත යුතුයි.

පාරේ සංවර ලෙස ගමන් කරන තරුණියකට හා දකින දකින සියලුදෙනා සමඟ උසුළු විසුළු කරමින් ගමන් ගන්නා තරුණියකට ලැබෙන ප්‍රතිචාර ගැන මොහොතක් කල්පනා කර බලන්න. විශාඛාවගේ පියා ඇයට දුන් ඔවදන් ගැන සිතා බලන්න. යහපත් ජීවිතයත් උදෙසා ඇයට ලබාදුන් උපදෙස් අදත් අපේ සමාජයට වලංගුයි. එම නිසා අප බුදු දහම අනුවම දිවිය හැඩ ගස්වා ගැනීම කෙතරම් වැදගත්ද?

වසර 2600 කට පෙර පියකු විසිමින් දියණියකට ලබා දුන් උපදෙස් අද දියණියට වැදගත් වන්නේ නම් බුදු දහමේ දක්වා ඇති සෙසු ධර්මතා කෙරෙහිත් අප අවධානය යොමු කළ යුතු නොවේද? සිඟාලෝවාද සුත්‍රය අනුව වගකීමක් මව්පියන්ගේ ප්‍රධානම වගකීමක් වන්නේ දරුවන් යහපතෙහි යෙදීමය. මෙහිදී දරුවන් සමාජ ව්‍යසන කෙරෙහි දැනුම්වත් කිරීම මුල් තැනක් ගන්නවා.

දරු දැරියන්ට සමාජීය දැනුම අඩුයි.දෙමාපියන්ගෙන් අවසර නොමැතිව දරුවන් පැවිදි නොකරන ලෙස බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවා තිබෙන්නේ එම නිසයි. මේ නිසා වත්මන් සමාජයේ ජීවත් විය යුතු ආකාරය ගැන මව්පියන් තම දූවරුන් විශේෂයෙන් දැනුම්වත් කළ යුතුයි.

තැනට සුදුසු නුවණ භාවිතා කිරීමේ ගුණය ගැන මෙහිදී අප සිහි තබා ගත යුතුයි. එමෙන්ම අප සතුව සැම විටම ඉවසීමද තිබිය යුතුයි. අද බොහෝ තරුණ ජීවිත අකාලයේ අපට අහිමි වන්නේ ඉවසීම නැතිකමින්.

ඒ වගේම සියලුම දරුවන්ට උදේ සවස මල් පහන් පූජා කරල බුදුන් වඳින්න සලස්වන්න. අඩුම ගානේ ඉතා පහසු කරණීය මෙත්ත සූත්‍රයවත් ඔවුන් ලවා සජ්ඣායනා කරවන්න. එවන් දරු දැරියන්ට හානියක් වෙන්නේ නැහැ. අද පාසල් අවසන් වන විට ඡත්ත මානවක ගාථා ගායනා කරනවා. දරු දැරියන්ට හොඳ ආරක්‍ෂාවක් ලැබෙනවා. අපේ සමහර අයගෙ මතයක් තියෙනවනෙ අමනුස්සයො ඉන්නව කියල සැක හිතෙන තැනවලින් යනකොට නරක වචන පාවිච්චි කිරීම හොඳයි කියල, නරක දේ නරකමයි. එකේ ඇති හොඳක් නැ.

තමන්ට බියක් සැකක් වූ විටදී ‘ඉතිපිසෝ භගවා’ එහෙමත් නැතිනම් ‘සබ්බ පාපප්ස අකරණං’ වගේ ගාථාවක් මුමුණන්න. ධර්මයට අනුව ආරක්ෂාවීම එසේ කිරීමට පුළුවන්. තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගත යුතුයි. වැදගත් වන්නේ එයයි. අපට කළ හැක්කේ උපදෙස් දීම පමණයි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 07 වැනි දා බදාදා අපරභාග 05.49 ට ලබයි.
08 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 03.08 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මාර්තු 07 වැනි දා බදාදා ය.

මී ළඟ පෝය
මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]