Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දස පාරමිතා පෙරහර පෝදා

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ අතුලදස්සනාරාමය ඇතුළු චතුර්මහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල නාහිමියන්ගේ අනුශාසනා පරිදි වාර්ෂික දස පාරමිතා පෙරහර මෙම මැදින් පෝ දා රාත්‍රි පැවැත්වේ.

1992 මල් පෙරහරක් ලෙස අරඹන ලද එම පෙරහර ඉතා අලංකාරවත් ලෙස සංවිධානය වෙමින් පවතී. මෙවර එම පෙරහර සඳහා අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු සංස්කෘතිකාංග සියයක් පමණ සහභාගි කරවා ගැනීමට කටයුතු යොදා ඇතැයි බොරැල්ලේ අතුල නාහිමියෝ පවසති.

මෙවර පෙරහර සඳහා දහම්පාසල් සිසු දරුවන් 1000 ක් පමණ ද සහභාගි කැරේ. “දස පාරමී” සිහි ගන්වමින් සිතුවම් 10 ක් ද ඇතුළත්ව එක් එක් කණ්ඩායමක් සඳහා 10 දෙනා බැගින් එම පෙරහරේ ගමන් කිරීමට නියමිත බවද අතුල නාහිමියෝ පැවසූහ.

මාකාවිට මේධාලංකාර නාහිමියන්ගේ සහ තලල්ලේ ඤාණාලංකාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි එවකට මෙම දස පාරමිතා පෙරහර ආරම්භ කළ බවද අතුල නාහිමියෝ පැවසූහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.