Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සංකල්ප විහාරස්ථානයේ දී නෙළුම් මල් ලක්‍ෂයක් පූජා කිරීමේ පින්කමක්

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ දී නෙළුම් මල් ලක්‍ෂයක් පූජා කිරීමේ පින්කමක් මැදින් පුර පසළොස්වක පෝදා සන්ද්‍යාවේ පැවැත්වේ.

18 වන වරටත් පැවැත්වෙන එම පින්කම සංකල්ප විහාරාධිපති, කැස්බෑව ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී උග්ගොඩ ධම්මින්ද හිමියන්ගේ මෙහෙයවීම මත සංකල්ප දායක සභාව, සංකල්ප කුළඟන සමිතිය, සංකල්ප දහම් පාසල, සංකල්ප යෞවන සමාජය, සංවිධානය කරයි. නෙළුම් මල් භාර ගැනීමේ විශේෂ කාර්යාලයක් මාර්තු 06 වන දින සිට විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස විවෘතව පවතියි.

ඊට අමතර කතරගම දුටුගැමුණු විශ්‍රාම ශාලාව අභියස, අනුරාධපුර දුටුගැමුණු විශ්‍රාම ශාලාව අභියස විශේෂ කාර්යාල විවෘතව පවතින අතර, මාර්තු 5 වන දින සිට වීරවිල අභිනවාරාමයේ දී ද, මල් භාර ගැනීමේ කාර්යාල විවෘතව පවතී.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.