Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගල්මුරුව විහාරස්ථානයේ 300 වන වරටත් සෙත් පිරිත් දෙසුම

2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තියට සමගාමීව දුම්මලසූරිය ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී පසුගිය වෙසක් පොහෝ දින ආරම්භ කරන ලද සෙත් පිරිත් දේශනාව සහ මහා සමය සූත්‍ර දේශනාවේ 300 වන දේශනාව මාර්තු මස 10 වන දින ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දී විහාරාධිපති රාජකීය පණ්ඩිත දේවහන්දියේ සද්ධානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරේ.

එසේම පුරා වසරක් අඛණ්ඩව පවත්වාගෙන යන මෙම මහා සමය සූත්‍ර දේශනාවේ අවසාන පූජාව එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දින ප.ව. 6.00 ට 2600 කින් සමන්විත මහ චීවර පූජාවක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.