Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

දර්ගානගරයේ මාලවන්ගොඩ, පදිංචි ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන දෙදරු පියකුවන කේ.පී.එන්. එල්. ජයතිලක මහතා වකුගඩු දෙකම අක්‍රියව ඉතා අසාධ්‍යතත්ත්වයෙන් නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබයි. ඔහුට වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇත. ඒ සඳහා “බී පොසිටිව්” හෝ “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දීමට කැමති පරිත්‍යාගශීලියෙකු වෙතොත් 071 4406015, 034 2274772, 0777176932 දුරකථන අංකවලට අමතන ලෙස ඥාතීහු ඉල්ලා සිටිති.


දරුණු වකුගඩු ආබාධයෙන් පෙළෙන 47 හැවිරිදි දෙදරු පියෙකුට වකුගඩුවක් බද්ධ කළයුතු බවට විශේෂඥ වෛදය රුශික ලැනරෝල් මහතා විසින් නිර්දේශ කර තිබේ. ඒ සදහා “ඕ පොසිටිව්” හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය කරන හෙයින් එම රුධිර ගණයට අයත් පරිත්‍යාගශීලියෙක් වෙතොත් 071 8149041 දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.


වකුගඩු ආබාධයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන එච්.ජී.ආර්. රූපවතී මහත්මිය සුවපත් කිරීම සඳහා වකුගඩුවක් බද්ධ කළ යුතු යයි විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර තිබේ. දෙදරු මවක වන ඇය සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් ඒ සඳහා පරිත්‍යාගශීලියෙකු වේ නම් 071 2220175 (දයානන්ද) 0711502588 (සෙනෙවිරත්න) අමතන ලෙස ඉල්ලා සිටියි. ශල්‍යකර්මය සඳහා විශාල මුදලක් වැයවන බැවින් කොළඹ රෝහල් චතුරශ්‍රයේ ලංකා බැංකුවේ ගිණුම් අංක 72911632 දරන ගිණුමට මුදල් බැර කරන ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් ඥාතීහු ඉල්ලා සිටිති.


අගුණකොළපැලැස්ස, ගොවි හමුදාව අංක 269 ඒ, පදිංචි එදිරිසූරියගේ සිරිසේන මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඉක්මනින්ම වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ උතුර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය එස්. එම්. සෙනෙවිරත්න මහතා නිර්දේශ කර ඇත. සිරිසේන මහතාට අවශ්‍ය ඒ+/ර්‍ණ+ වර්ගයේ වකුගඩුවක් දිය හැකි පරිත්‍යාගශීලියකු වේ නම් 077 9230692/077 2383286 යන දුරකථන අංකයන්ට දැනුම් දෙනමෙන් ඥාතීහු ඉල්ලා සිටියි.


මොරටුව කටුබැද්දේ පදිංචි අසාධ්‍ය තත්ත්වයේ පසුවන දෙදරු පියෙකුට “ ඕ නෙගටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති අයෙක් වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට අමතන මෙන් ඥාතීහු ඉල්ලා සිටිති. 075 4511360, 0115782624, 0756311506


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.