UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලමිටියාවේ කුසලධම්ම නාහිමි ජන්ම සමරුවට පින්කම් රැසක්

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙ දිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය අග්ගමහා සද්ධම්ම ජෝතිකධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 75 වන ජන්ම සමරුව නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් රැසක් පැවැත්වේ.

ඒ අතර වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ඇරැඹුණු පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙනේදී මෙම 19 වනදා රාත්‍රී සෙත් පිරිත් දේශනාවක් සහ ශතාධික මහ සඟරුවන උදෙසා ගිලන්පස දානය පිරිනැමීමට එම පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබිණි.

වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් වාර්ෂිකව සිදුකරන ගිලන් සංග්‍රහය මෙම 20 වන දා කිරිබත්ගොඩ රෝහලේදී එදින පෙරවරුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

20 වනදා දවල් උඩුපිල වෑබොඩ, වැඩිහිටි නිවාසයන්හි නේවාසිකයන් සඳහා දිවා ආහාරය හා ඇඳුම් පැළඳුම් පිරිනැමීමද වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකැරේ.

එදින සවස 3ට විද්‍යාලංකාර පිරිවෙනේදී වාර්ෂික කෘතීමපාද පිරිනැමීමද සවස 6 විද්‍යාලංකාර දායක සභාව හා පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය පිරිස මඟින් බෝධි පූජාවක් පැවැත්වීම ද සිදුකැරේ.

අනුරාධපුර ශ්‍රී නාගරජමහා විහාරයේදී මෙම 25 වනදා වෛද්‍ය සායනයක් ලේ දන්දීමේ පින්කමක් ඇතුළු සුබසාධන සේවා කටයුතු රැසක් වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එහි දායක සභාව අනුග්‍රහයෙන් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

26 වනදා සවස අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අබියසදී සෙත් පැතීමේ බෝධි පූජාවක් සිදු කැරේ.

මෙම 22 වනදා කැලණිය, දිප්පිටිගොඩ, සුබෝධාරාමයේදී ප්‍රදේශයේ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් බෝධි පූජාවක් හා සෙත්පිරිත් දේශනාවක් ද එම විහාරස්ථානයේ දී සංවිධානය කර ඇත.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]