UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

ගරු සරු ඇතිව වාසය කරමු

අපි, ශාස්තෘ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. ධර්ම ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, සංඝ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, අප්‍රමාදය කෙරේ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. ධර්ම සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. ඊළඟට සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, පවට ලැජ්ජාව කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. පවට භය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ


අපේ දියුණුව ආරම්භ වන්නේ එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව වාසය කරන්ට පුරුදු වීමෙන්. ගරු සරු ඇතිව වාසය කිරීමේදී අපි මොන ආකාරයෙන් ද ඒ ගරු සරු භාවය ඇති කර ගත යුත්තේ?

අපි, ශාස්තෘ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. ධර්ම ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, සංඝ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, ශ්‍රද්ධා ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, අප්‍රමාදය කෙරේ ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. ධර්ම සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. ඊළඟට සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ, පවට ලැජ්ජාව කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ. පවට භය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ.

මෙන්න මේ කාරණා වලින් යුක්ත වීම කෙනෙකුගේ දියුණුවේ ආරම්භයයි.හොඳට බලන්න අප තුළ මෙන්ම මේ ආකාරයේ ගෞරවාන්විත හැසීරීමක් තියෙනවද? කියල. ඒ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නෙ, යම් කෙනෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වනවා නම්, එයා ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. යම් කෙනෙක් ශාස්තෘන්වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙ නැත්නම්, එයා ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙ නෑ. එයා සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙ නෑ. එයා සංඝ රත්නය කෙරේ ගෞරවයෙන් යුක්ත නැත්නම් පිරිස කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙත් නෑ. එයා ශ්‍රද්ධාව කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවද? ඒත් නැහැ. එයා අප්‍රමාදය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවද? ඒත් නැහැ. එයා සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙයිද? ඒත් නැහැ. එයා එතකොට හිරිගෞරවයෙන් යුක්ත වෙයිද? පවට ලැජ්ජාව කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙත් නැහැ. පවට භය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්නෙත් නැහැ.

එහෙනම් අපි ශාස්තෘවහන්සේ කෙරේ ගෞරවයෙන් යුක්ත වුණොත් එයා ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා. සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙනවා, ආන්න එයා, පිරිස කෙරෙහි ගෞරවයෙන් යුක්තව වාසය කරනවා. එකට වාසය කරන පිරිස කෙරෙහි ගරුසරු ඇතිව යටහත් පහත් ගතිගුණ වලින් යුක්තව වාසය කරන්ට නම්, අපි කොතනින්ද පටන් ගත යුත්තේ? ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් යුක්ත වෙන්ට ඕනෑ.

එතකොට බලන්න, යම් කෙනෙක් ශාස්තෘන් වහන්සේ කෙරේ ගෞරවයෙන් යුක්තයි නම්, ධර්මය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි. නම් සංඝ රත්නය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම් ශ්‍රද්ධාව කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම්, අප්‍රමාදය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම්, සමාධිය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම්,බණ භාවනා කිරීම සම්බන්ධයෙන් ගෞරවයෙන් යුක්තයි නම්, පවට ලැජ්ජාව කෙරෙහි පවට භය කෙරෙහි ගෞරවයෙන් යුක්තයි නම් ආන්න එයා එකිනෙකාට උපකාර කිරීමෙන් අසංවර වෙයිද? සංවර වෙයිද? සංවර වෙනව නේද? එබඳු ගෞරවයෙන් යුක්ත කෙනා ධර්මය ඉගෙන ගැනීමෙන් අසංවර වෙයිද? සංවර වෙයිද? එයා නිහතමානි වෙයිද? මාන්නෙට එයිද? නිහතමානි වෙනවා. එසේ සංවර වෙන කෙනා තුළ ශ්‍රද්ධාව , හිරි ඔතප් වීර්ය, ප්‍රඥාව , පවතිනවා, ආන්න එයා තුළ ශීලය පිරෙනවා. එයා තුළ සම්මා දිට්ඨිය ඇති වෙනවා. එයා තුළ සම්මා සමාධිය දියුණු වෙනවා. අන්න එයාට ප්‍රඥාව පරිපූර්ණ කරගන්ට පුළුවන් වෙනවා. එහෙනම් අපි කොහෙන්ද පටන් ගෙන තියෙන්නෙ? ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇතිකර ගැනීමෙන්. එහෙනම් යම් කෙනෙක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කර ගත්තේ නැතිනම් එයාට එකට වාසය කරන සබ්‍රහ්මචාරීන් වහන්සේ කෙරේ ගරු සරු භාවයෙන් යුතුව, යටහත් පහත් ගතිගුණ ඇතිකර ගෙන වාසය කරන්ට පුළුවන් කියන දේ සිද්ධ වෙන්නෙ නෑ. එයා ගෞරවය අපේක්‍ෂා කරන්නෙ තමන්ටය, අන් අයට ගරු බුහුමන් කරන එකට සිත නැමෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ, අපට කියා දෙනව, යම් කෙනෙක් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් තමාට සමාන අය ඇසුරු කරනවා නම් එයා පිරිහෙන්නෙ නෑ කියල. ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් හීන අය ඇසුර කරන්ට එපා කියල තියෙනවා. එහෙම කළොත් එයා පිරිහෙනවා. තමාට වඩා ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස් අය ඇසුරු කරන්ට කියල තියෙනවා. එහෙම කළොත් එයා වේගයෙන් දියුණු වෙනවා කියල භාග්‍යවතුන් වහන්සේ අපට කියා දෙනවා. මෙන්න මේ ධර්මය යම් කෙනෙක් අදහා ගත්තොත්, පිළිගත්තොත් එපමණකින් ම එයා ශාස්තෘ ගෞරවයට උරුමකම් කියන කෙනෙක්. ශාස්තෘන් වහන්සේට ගරු කරන කෙනෙක් බවට පත්වෙනවා. එයා තමාට වඩා ශීල, සමාධි, ප්‍රඥාවලින් හීන කෙනාගෙ ඇසුරට යයිද? යනවා. කොහොමද? යන්නෙ. ඒ අයට අනුකම්පාව පිණිස යි. නැත්නම් එයාගෙන් උපකාර ගන්ට නෙමෙයි. එයාගෙන් ආස්වාදයක් ලබා ගන්ට යන්නෙ නෑ.

 
නවම් අව අටවක පෝය

නවම් අව අටවක පෝය පෙබරවාරි 14 වනදා අඟහරුවාදා පූර්ව භාග 11.35 ට ලබයි.
15 වන දා බදාදා පූර්ව භාග 9.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 14 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 21 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]