Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කිරි වෙහෙරේ වාර්ෂික මහ පින්කම් මාලාව 26 - 27 දිනවල

තිලෝගුරු ශාන්ති නායක අමාමෑණි බුදු පියාණන්වහන්සේ පන්සියයක් මහ රහතන් වහන්සේලා සමඟ සමාපත්ති සුවයෙන් වැඩසිටි ලක්වැසි බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩක් වන රුහුණු මහා කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත් වහන්සේ පැළැන්දු ඒ උතුම් දිනය සිහිපත් කරමින් කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අළුත්වැවේ සෝරත නා හිමියන්ගේ අනුශාසනා පරිදි කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මඟින් වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාව 42 වෙනි වරටත් මෙම මස 26 - 27 යන දිනවල කිරි වෙහෙර අභියසදී පැවැත්වේ.

මෙම පින්කම් මාලාවේ නිර්මාතෘ වන අපවත් වී වදාළ නායක හිමියන්ට පින් අනුමෝදන් කිරීම ද ආරක්ෂක අංශයේ සැමට ආසිරි පැතීමද මියගිය සියලුම දෙනාට පින් දීමද ජීවත්ව සිටින අයට ආසිරි පැතීම සහ අතිගරු ජනාධිපතිතුමාට ලක් රජයට ත්‍රිවිධ හමුදාවට සෙත් පැතීමද එම පින්කමේ අරමුණ වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.