Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි නම:- ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී තිස්ස අනුනාහිමි.

වැඩ වසන පන්සල :- ශ්‍රී නාග විහාරය කොළඹ

උපන්දිනය :- 1936 මාර්තු මස 03 වන දින

පියා :- එදිරිමුණි බි. සිල්වා මහතා

මව :- ලද්දු එමිනෝනා උපාසිකා මාතාව

සහෝදර සහෝදරියන් :- සහෝදරයෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් පමණ

මූලික අධ්‍යාපනය :- බලපිටිය රේවත මධ්‍ය මහා විද්‍යාලය
නාගදීප දෙමළ මධ්‍ය මහා විද්‍යාලය

උසස් අධ්‍යාපනය :- පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන
1959 කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්වී 1963 වන විට සාමාන්‍ය ශාස්ත්‍රවේදි උපාධිය ලබාගැනීම
1975 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන්ම අධ්‍යාපන ඩිප්ලෝමාව ලබාගැනීම

පැවිදිවීම :- 1951 මැයි 21 වන දින
උපාධ්‍යායන් වහන්සේ :- උදම්මිට ධම්ම රක්ඛිත තිස්ස මහා නාහිමි

ආචාර්යන් වහන්සේ :- නාග විහාරාධිපති රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණ වත්තේ ධම්මකිත්ති තිස්ස මහා නා හිමි

උපසම්පදා දිනය :- 1959 මැයි 21 වන වන දින බලපිටිමෝදර උදකුක්ඛේප සීමාමාලකයේදී

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් :- යාපනය නාගදීප විහාරාධිපති
කිලිනොච්චියේ ලුම්බිණී විහාරයේ විහාරාධිපති, කොළඹ නාග විහාරාධිපති, බලපිටිය වික්‍රමසිංහාරාමාධිපති, ශ්‍රී පාද නල්ලතන්නි බෞද්ධ මධ්‍යස්ථානාධිපති

පළකළ කෘති :- ප්‍රන්තර වනක්කමි (දෙමළ ග්‍රන්ථය) 1979,
මවුපිය උපස්ථානය, බෞද්ධ චාරිත්‍ර විධි - 2009, ලුම්බිණි විහාර ඉතිහාසය (කිළිනොච්චිය), සොළොස්මස්ථාන

තනතුරු ආදිය :- ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ නියෝජ්‍ය ලේකම් ලෙස වසර 15 ක් කටයුතු කිරීම හා වර්තමානයේ එම සංඝ සභාවේම මහලේකම් ලෙස කටයුතු කිරීම
කැලණිය විද්‍යාලයේ විදුහල්පති වශයෙන් වසර 10 ක් කටයුතු කිරීම
කැලණිය ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වශයෙන් වසර 5 ක් කටයුතු කිරීම

සම්මාන උපාධි ආදිය :- අමරපුර සද්ධම්ම වංශ පාර්ශ්වයෙන් ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය නාමය පිරිනැමීම - 2011
අමරපුර මූල වංශික පාර්ශ්වයෙන් ප්‍රවචනාලංකාර ශාසන ජෝති නාමය පිරිනැමීම.
රත්නපුර එක්නැලිගොඩ පාර්ශ්වයෙන් භාෂාන්තර ඤාණ විශාරද මහෝපාධ්‍යාය නාමය පිරිනැමීම – 2004

භාෂාන්තර දැනුම :- පාලි, සංස්කෘතික, ඉංගී‍්‍රසි හා දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දක්‍ෂතාවයක් තිබීම

විදේශ ධර්ම දූත සේවය :- සිංගප්පූරුව, මැලේසියාව, බුරුමය, තායිලන්තය, ඉන්දියාව

වෙනත් :- පොළොන්නරුව ගිරිතලේ මධ්‍ය මහා විද්‍යාලයේ අචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම
කුරුණෑගල නක්කවත්ත මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස කටයුතු කිරීම
සාමය සඳහා ආගමික සංහිදියාව නියෝජ්‍ය සභාපති ලෙස කටයුතු කිරීම ආගම් සමුළුවේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කිරීම ද්‍රවිඩ ධර්මදූත ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කිරීම

රාජ්‍ය අනුග්‍රහය :- ලබාගනිමින් පාර්ශ්ව 22 ක සහභාගිත්වයෙන් ඒකීය උපසම්පදා උත්සවයක් කඳානේ වල්පොල ප්‍රදේශයේ පවත්වනු ලැබීය. එහිදී භික්‍ෂූන් වහන්සේ 550 නමක් වහන්සේ උපසම්පදා ලැබූහ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.