Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙනේ පෙරහර

බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවෙන් විහාරස්ථානයේ මහා පෙරහර ජනවාරි 30 සිට පෙබරවාරි 05 වෙනි දින දක්වා පැවැත්වීමට නියමිතව තිබිණ.

පෙබරවාරි 03 වෙනි දින සංඝගත දක්‍ෂිණාවක්ද රාත්‍රී 8.00 ට ජාතික නිදහස් බොදු බැති ගී සරණිය හා මල්වෙඩි සංදර්ශනය ද පෙබරවාරි 04 දින රාත්‍රී 8.00 ට මහා පෙරහර සඳහා අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහ පාරම්පරික නැටුම් ශිල්පීන් 2500 ක පිරිසක්ද සහභාගි වීමට නියමිතව තිබිණි.

පෙබරවාරි 05 රාත්‍රී ගරා රාක්‍ෂ ශාන්ති කර්මය පවත්වා මුරුතැන් පූජාවෙන් පින්කම් මාලාව නිමාකෙරේ. එම පින්කම් මාලාව වික්‍රමශීලා විද්‍යායතන පරිවේනාධිපති රොටුඹ පේමරතන හිමියන්ගේ අනුශාසනා පරිදි බණ්ඩාරගොඩ ශ්‍රී.ලං.නි.ප. ප්‍රධාන සංවිධායක නීතිඥ ජානක බණ්ඩාර මහතාගේ විශේෂ සහායෙන් පැවැත්විණි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.