Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උපසම්පදා මංගල උත්සවයක් අමුගොඩ ජයසුමනාරාම මහා විහාරයේ දී

ඇල්පිටියය අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහා විහාරය, තලගස්පේ ජයවර්ධනාරාමය, කිරිදොළ ඉංගලහේන ආරණ්‍ය සේනාසනය, කැටන්දොළ බෝධිරාජාරාමය, යන චතුර් මහා විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ ගාලු පළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය, අමුගොඩ සෝමරතන නාහිමියන්ගේ ශිෂ්‍ය පිටිගල සෝමලාංකාර හිමියන් පෙබරවාරි 11 වන දින අමුගොඩ ජයසුමනාරාම පුරාණ මහ විහාරයේ තායිලන්තයේ කැප්ටන් ප්‍රමෝක් නා උබෝල් මැතිතුමා ඇතුළු ඥාතීන් විසින් ඉදිකරන ලද ඕමත්තේ අභයතිස්ස නා හිමි අනුස්මරණ අභිනව දෙමහල් බද්ධ සීමා මාලකයේ දී අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ එක්නැලිගොඩ විහාර පාර්ශ්වයේ මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා “ධම්මජෝතිනී” කාරක සංඝ සභාව මධ්‍යයේ උපසම්පදාව ලැබීමට නියමිතය.

උන්වහන්සේ ඇළ ඉහළ හබරකඩ, තවලම, පදිංචි පී.කේ. සිරිපාල සහ කේ.වී. පි‍්‍රයානි යන දම්පතීන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නයයි. විහාරාධිකාරී ශාස්ත්‍රපති, අමුගොඩ සෝමානන්ද නාහිමියන් ඇතුළු සියලු සමිති සමාගම්වල සංවිධානයෙන් සිදුකෙරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.