Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පැවිදි කිරීමේ පින්කමක්

කෝවින්නේ පදිංචි තලගහගෙදර පාලිත සුබසිංහ මහතාගේ සහ දොඹගොල්ලේ කාදර පි‍්‍රයංකා මල්කාන්ති මහත්මියගේ පුත් ටී.ජී. මහේෂ් දේවින්ද කුමරුවා අමරපුර නිකායේ අඹගහපිටි පාර්ශවයේ මහානායක හීනටියන, පොත්ගුල් විහාරාධිපති ශාස්ත්‍රපති හීනටියන නන්දතිස්ස මහ නාහිමියන් ගේ සහ අමරපුර නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති පල්ලවැව විජිත නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් කෝවින්ගේ ගංගාරාමය, දාගොන්නේ පුලිනලාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති කෝවින්නේ අමරසිරි නාහිමියන්ගේ සහ දාගොන්න පුලිනලාරාමාධිකාරී, වරකදණ්ඩේ අමරනන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් කෝවින්නේ ශ්‍රී ගංගාරාම පුරාණ විහාරස්ථානයේ දී නවම් පුර පසළොස්වක දින පෙරවරුවේ දී පැවිදි බිමට පත් කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.