Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අඟුල්මඩුවේ ජිනරතන නා හිමි සියවස් පූර්ණ ගුණ සමරුව කැබිලියපල දී

හක්මන කැබිලියපල පුරාණ මහා විහාරාධිපතිව වැඩ විසූ රාජපූජිත සිරි සංඝරක්‍ඛිතවංස අඟුල් මඩුවේ ජිනරතන මාහිමියන් අපවත් වී වසර සියයක් පිරීම නිමිත්තෙන් විශේෂ සමරු කවරයක් නිකුත් කිරීම හා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කිරීම පෙබරවාරි 9 දින විශේෂ උත්සවයක් පැවැත්වේ.

8 වන දා පිරිත් දෙසුමද 9 දවල් දානයද සිදු කැරේ. සවස උත්සවය ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මැතිතුමාගේ සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

විහාරාධිපති කිරම චන්දරතන හිමියන්ගේ හා විහාරාධිකාරී කළුපහන පියරතන හිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් සිදු කැරේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.