Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්මලාන අන්ධ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි

2011 වර්ෂයේ රත්මලාන අන්ධ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් පවත්වන ලද ලුවී බ්‍රේල් අනුස්මරණ දින තරඟ සඳහා වන ත්‍යාග පිරිනැමීම 2012.01.29 වන දිනට සිදු කිරීමට නියමිතව තිබිණි.

උක්ත තරගාවලියේ තරග 13 ක් සඳහා පළමුවන, දෙවන, තුන්වන වශයෙන් ත්‍යාග 39 ක් සපයා ගැනීම වෙනුවෙන් රුපියල් තිස්දාහක් පමණ වැය කිරීමට සංගමයට සිදුවී ඇතැයි ද එම මුදල ලබා ගැනීමට පරිත්‍යාගශීලීන්ගෙන් අපේක්ෂා කෙරේ.

පළමුවන ත්‍යාගය සඳහා රු. 1000/- ක් ද, දෙවන ත්‍යාගය සඳහා රු. 750/- ක් ද, තෙවන ත්‍යාගය සඳහා රු. 500/- පිරිනැමීමට නියමිත බවද කියයි.

ගීත රචනය, පද්‍ය රචනය, කෙටි කතා රචනය, සිංහල බ්‍රේල් ලිවීම, ඉංගී‍්‍රසි බ්‍රේල් ලිවීම, සිංහ බ්‍රේල් කියවීම, ඉංගී‍්‍රසි බ්‍රේල් කියවීම, ගණන් සෑදීම කථික තරග ඇතුළු තරග පවත්වන ලදී. එබැවින් මෙම කරුණ සලකා බලා එම සංගමය වෙත කාරුණික අනුග්‍රහයක් ලබාදෙන මෙන් රත්මලාන අන්ධ විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කරයි. පරිත්‍යාගයට අදාළ චෙක්පත භාණ්ඩාගාරික, ආදි ශිෂ්‍ය සංගමය, අන්ධ විද්‍යාලය, රත්මලාන යන ලිපිනයට යොමු කරන මෙන් ද මේ පිළිබඳ වැඩි විස්තර පහත දැක්වෙන දුරකථන අංක මඟින් ලබා ගත හැකි බවද කියයි.

දුරකතන:071 6875514
(භාණ්ඩාගාරික)
0771024257
(සභාපති)


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.