UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව අරහාදී කවි

රහසත් පව් නො කොට
කෙලෙස රයනුත් දුරු කොට
නිසි වූයෙන් පුදට
අරහ යයි නම කියති මුනිඳුට

තුන්කල්හි ම පැවැති
පදරුත් සියල් ලොව ඇති
අතැඹුලසෙ දැන ගති
එයින් සම්මා සම්බුදුන යෙති

විද්දෑ නැණ අට ද
පසළොස් සරණ ගුණය ද
ඇතියෙන් එමුනි සඳ
පිරුණු විජ්ජා චරණ නම් ලද

යහපත් කොට යෙතැ යි
සුන්දර තැනට සැපතැ යි
සොඳුරු බස් කියතැ යි
කියති ඒ මුනිරජුට සුගතැ යි

තුන්ලොව තතු ලෙසට
දැනගෙන නො දත් මෙ ලොවට
දෙසුයෙන් නියම කොට
ලෝකවිදු යයි කියති මුනිඳුට

හැම ගුණයෙන් නඳා
සමවැඩි සතක් හැමඳා
දියතෙහි නැති සඳා
අනුත්තර යයි කියති මුනිඳා

බඹ සුර යකුන් තද
දමනය කර තමන් ලද
සෙත් දී මුනිඳු සඳ
පුරිස දම් සාරතී නම් ලද

බව කතරින් එතෙර
ලනුයෙන් සතන් හැමවර
තිලෝගුරු මුනිවර
වීය සත්තා නමින් පුවතර

බෙදුයෙන් දහම් කඳ
බජනය කෙළෙන් ගුණ කඳ
බග දනමින් සස ඳ
බැවින් බගවත් වීය මුනි සඳ

බුදුගුණ අලංකාරය

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 22 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]