UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුදු දහම තේරුම් ගනිමු

ධර්මය දකිනවා කියන්නේ බුදුදහම තේරුම් ගන්නවා කියන එක. පළමුව සිලාදී ගුණදහම් පිරීමට උත්සුක වන්න ඒ අනුව හොඳ මනුෂ්‍යයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. ආගම, ජාතිය, කුලය කුමක් වුවත් සෑම මනුෂ්‍යයෙක්ම පන්සිල් රකින්න ඕනෑ.

2012 - 01 - 16 පත්‍රය හා සම්බන්ධයි

ඒ කාරණා පළමු කාරණය, ආයුෂය ලෝකයාට බොහොම ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, නමුත් දීර්ඝායුෂ ලබනවා කියන එක දුර්ලභයි.

දෙවැන්න වන්නේ ශරීර වර්ණයයි. ඉෂ්ට කාන්ත මනාප වුවත් දුර්ලභයි.

අනෙක් කරුණ කායික, මානසික සුවය සිව්වැන්න යසස, කීර්තිය, ප්‍රශංසා නම්බුනාම ඉඩකඩම් ලැබීමයි. පස්වැන්න ස්වර්ගයයි. මරණයෙන් පසුව ඉෂ්ඨ, කාන්ත, මනාප වූ උත්පත්තියක් ලැබීමට කවුරුත් පි‍්‍රයයි. නමුත් එය දුර්ලභයි.

මෙකී කාරණා පහ මනාප වුවත් ඉෂ්ටය කාන්ත වුවත් යාඥා කරලා ප්‍රාර්ථනා කරලා ලබන්න බැහැ.

ආයාචනා කරලා කාන්ත මනාප, ඉෂ්ට වූ දේවල් ලැබිය හැකිනම් මෙලොව කිසිවෙකුට කිසිම දෙයකින් අඩුවක් නොවන බව බුදුරදුන් දේශනා කළා.

ආර්ය ශ්‍රාවකයෙක් ආයුෂය කැමැත්තෙන් හෝ යම් යම් දේ බලාපොරොත්තුවෙන් දේශනා කිරීම සුදුසු නැහැ.

බොහෝ පුද්ගලයෝ අන්ධ විශ්වාස තුළ හිරවෙලා. කර්ම කර්මඵල විපාක තුළින් යථාර්ථය තේරුම් ගත යුතුයි. පුද්ගලයෙක් යම් කිසි සැපයක් කැමැති නම් අන් අයගේ සැපයට අවහිර නොකළ යුතුයි. අන් අයට සැපය උදාකළ යුතුයි. අන් අයට සැප දෙද්දී තමන්ට සැප ලැබෙනවා.

ආයුෂයට කැමැති නම් සත්ව ඝාතනයෙන් හිංසනයෙන් වැළැකී සිටිය යුතුයි. අන් අය කෙරෙහි කරුණාව, මෛත්‍රිය පැතිරවිය යුතුයි.

යමෙක් වර්ණයට කැමැති නම් අනෙක් අය කෙරෙහි මෛත්‍රී සහගත විය යුතුයි. ඊර්ෂ්‍යා, ක්‍රෝධ, සිතිවිලි බැහැර කළ යුතුයි.

යසසට කැමැති නම් අන් අයගේ යසසට කීර්තියට නින්දා, අපහාස නො කළ යුතුයි. උත්සාහයෙන් වීර්යෙන් අලෝභ, අදෝශ, අමෝහ යන යහපත් සිතිවිලි පෙරදැරිව දානාදි, පින්කම් වල නිරතවන නිසැකයෙන් කීර්ති, ප්‍රශංසා තමා වෙත ලැබෙනවා.

එලෙසම යම්කිසි අයුරකින් යමෙක් ස්වර්ගයට කැමැතිනම් පින්දහම්හි නිරත විය යුතුයි. යහපත් ගුණධර්ම තම තමන් තුළ වර්ධනය කරගනිමින් අයහපත් ක්‍රියා මැඩැලීමට ක්‍රියාකිරීම තුළ පුද්ගලයාගේ මතුභවය සුගතිගාමි කරගත හැකි වෙනවා.

පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික ගුණ වගාව අනුව පුද්ගලයා පූජාවන්ට සුදුසු අයෙක් වෙනවා.අධ්‍යාත්මික ගුණවගාවෙන් බුදුරදුන්ට සමාන කළ හැකි අයකේ තුන් ලොව කොතැනකවත් නෑ. බුදුරජාණන් වහන්සේට පූජා පවත්වන්න උන්වහන්සේ ජීවමාන වීමම අවශ්‍ය නැහැ.

“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යනුවෙන් උන්වහන්සේ දේශනා කළේ ධර්මය තුළින් තමන් වහන්සේ දැකිය හැකි බවයි.

ධර්මය දකිනවා කියන්නේ බුදුදහම තේරුම් ගන්නවා කියන එක. පළමුව සිලාදී ගුණදහම් පිරීමට උත්සුක වන්න ඒ අනුව හොඳ මනුෂ්‍යයෙක් වෙන්න අධිෂ්ඨාන කරගන්න. ආගම,ජාතිය, කුලය කුමක් වුවත් සෑම මනුෂ්‍යයෙක්ම පන්සිල් රකින්න ඕනෑ. කවර ආගමකවත් කවර ජාතියකවත් පංච දුෂ්චරිතවල යෙදෙන්න කියන්නෙ නැහැ.

පන්සිල් සුරක්‍ෂිත කරන්නට උත්සුක වෙලා නිසියාකාරව බුද්ධ පූජාව තබන්න. සමහර පුද්ගලයෝ බුද්ධ පූජා බෝධි පූජා අනවශ්‍ය බව පවසනවා. හදිස්සියෙ වැරැදුනොත් අයහපතක් වෙයි කියලා සිතනවා. එහෙම නැහැ. බුද්ධ පූජාව පවත්වන්නේ උන්වහන්සේට ඕනෑ නිසා නෙමේ. අපට ඕනෑ නිසයි.

නොකඩවා බුද්ධ පූජාව පවත්වන විට බුදුහාමුදුරුවොත් සමඟ ජීවත්වන බවක් දැනෙනවා. එවන් හැගීමක් ඇතිවන විට පව් කරන්න හිත යොමුවෙන්නෙ නැහැ. පව්කරන්න තිබෙන අවස්ථා මඟ හැරෙනවා. සීලාදි ගුණධර්ම පුරුදු වෙනවා. හොඳ කුසල කර්ම සිදුකරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. දෙවියන්ට අවශ්‍ය කරන්නේ පින්. පින් අනුමෝදන් වූ ඉෂ්ට දේවතාවන් පොහො දින සුධර්ම දිව්‍ය සභාවෙන් මහේශාක්‍ය දෙවිවරුන්ට එකී පණිවිඩය ලබාදෙනවා. ඒ අනුව ඒ දෙවිවරුන් පින් අනුමෝදන් වෙන්න එනවා. සතුටුවන දෙවිවරුන්ගේ දේවානුකම්පාව පුද්ගලයාට ලැබෙනවා.

“දේවතානු කම්පිතෝ පොසෝ

සදාභද්‍රානි පස්සති” යනුවෙන් දේශනා කර තිබෙන්නේ දේවානුකම්පාව ලබන අයට යහපත සැලසෙන බවයි. සීලයක් ගුණයක් නැති අය පුද පූජා පැවැත්වූවට වැඩක් නැහැ. කවදාවත් දෙවියන්ගේ අනුකම්පාව ලැබෙන්නෙ නැහැ. මිත්‍යාදෘෂ්ඨික ඇදැහීම් අතහැර දමලා යහපත් බෞද්ධයෙකු ලෙස ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි පිහිටලා කටයුතු කරන්න. සමාජයක් රටක් යහපත් වෙන්නේ එකී රටට වාසනාව උදාවෙන්නේ සෑම පුද්ගලයෙක්ම එලෙස කටයුතු කළොත් විතරයි.

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 22 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]